නඩුව ඉල්ලා අස් කරගෙන සමථයකට පත් කර ගන්නට අවසර දෙන ලෙස දෙපාර්ශ්වයම ඉල්ලලා
ජීවානුහරණය කළ කාබනික පොහොර එවීමට වු එකඟතාවය අනුව කටයුතු නොකරමින් ක්ෂුද්‍ර ජීවීන් අඩංගු කාබනික පොහොර එවු බව කියන ‘චින්ඩා ඕ’ චීන සමාගමට එරෙහිව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම පැවරූ නඩු දෙක සමථයකට පත් කරගැනීමට අවසර දුන් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ‘චින්ඩා ඕ’ චීන සමාගමේ දේශිය නියෝජිතයාට ණයවර ලිපි මඟින් මුදල් ගෙවීම වළක්මින් මහජන බැංකුවට හා දේශිය නැව් සමාගමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය විසුරුවා හැරීමටද අද නියම කර තිබෙනවා.
මෙම නඩු දෙක සමථයකට පත් කර එම නඩු ඉල්ලා අස්කර ගැනීමටද අවසර දෙන්නැයි මෝෂමක් මාර්ගයෙන් දෙපාර්ශවයේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළ බවයි වාර්තාවන්නේ.
ප‍්‍රමිතියෙන් යුත් පොහොර ලබාදීමට ද එසේ නොවුනහොත් ‘චින්ඩා ඕ’ චීන සමාගම තැන්පත් කර ඇති තැන්පත් මුදල් රාජ සන්තක කිරීමටද දෙපාර්ශවය එකඟ වු අතර ප‍්‍රමිතියෙන් යුත් පොහොර ලබාදීම වෙනුවෙන් ‘චින්ඩා ඕ’ චීන සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමටද එම එකඟතාවයේ වැඩිදුරටත් සඳහන් කොට ඇති බවයි පැවසෙන්නේ.
කාබනික පොහොර තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට අදාළ චීන සමාගම පිලිගෙන ඇති හෙයින් ණයවර ලිපි මගින් ගෙවීම් කටයුතු කිරීම තහනම් කරන්නැයි ඉල්ලා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සම් මෝෂමක් මාර්ගයෙන් යළි කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝග ලබා දී තිබෙනවා.
© මනෝප‍්‍රිය ගුණසේකර – ලංකාදීප
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට