එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වජිර පරිත්‍යාගය භාර ගනී
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ තොගයක් චීන තානාපති කාර්යාලයේදී අද දින එජාප සභාපති, වජිර අබේවර්ධන මහතා විසින් භාරගෙන තිබෙනවා.
චීන රජය වෙනුවෙන් මෙරට චීන තානාපති කාර්යාලයේ උපදේශක චෙන් මහතා විසින් වජිර අබේවර්ධන මහතා වෙත මෙම උපකරණ තොගය බාරදීම සිදුකළ බවයි දැක්වෙන්නේ.
එම අවස්ථාවේ දී වජිර අබේවර්ධන මහතා චීන තානාපති කාර්යාලයටත්, චීන කොමියුනිස්ට් පක්ෂයට සහ රජයටත් කොවිඩ් වසංගතය ආරම්භ වූ මොහොතේ සිට ශ්‍රී ලංකාවට දක්වන ලද සහයෝගය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සහ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්තුතිය පල කර තිබෙනවා.
මෙම උපකරණ ඉදිරියේදී රෝහල්වලට ලබාදීමට නියමිතව තිබෙනවා.



අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට