Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීන්නු හමුදා ඇඳුමින් සැරසී හම්බන්තොට මහ වැව් හාරයි, නීතිය උගන්වන්නත් එයි – රටේ නීතිය රකින්න බැරිනම් ආපු රටටම ආපහු පලයව් සිරසෙන් සැර ප්‍රතිචාරක්

හමුදා ඇඳුමට සමාන ඇඳුම් පැළඳුම් භාවිතය සිවිල් වැසියන්ට නීතියෙන් තහනම් කර ඇති මොහොතක චීන ජාතිකයින් පිරිසක් හමුදා ඇඳුමින් සැරසී ‌‌‌‌ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් ද යුක්ත තිස්ස වැව හැරීමට කටයුතු කරමින් සිටින බව මේ වන විට වාර්තා වනවා.

එම කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් ද ගෙන නොමැති බවද වාර්තා වුණා.

වාරිමාර්ග අමාත්‍යංශය විසින් දියත් කර ඇති වාරි සෞභාග්‍යයා වැඩපිළිවෙළ යටතේ මෙම වැව ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුත්තට චීනය මැදිහත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහි ඇති බරපතලම සිදුවීම වන්නේ හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී චීන ජාතිකයන් විශාල පිරිසක් මෙම කටයුත්තට අවතීර්ණ වී සිටීමයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය හරහා දිගින් දිගටම කරුණු අනාවරණය කිරීමෙන් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරන චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ එය හමුදා ඇඳුමක් නොව කම්කරුවන් පිරිසක් විසින් ඇඳ සිටින ඇඳුමක් බවයි.

එබැවින් එම ඇඳුම හමුදා ඇඳුමක් ලෙස දැක්වීම කරුණු විකෘති කිරීමක් ලෙසයි චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ.

සිරස මාධ්‍ය ආයතනය විසින් මේ පිළිබඳ දිගින් දිගටම කරුණු වාර්තා කළ අතර චීන තානාපති කාර්යාලය ප්‍රතිචර දක්වා ඇත්තේ එම වාර්තා කරණය පිළිබදවයි.

කෙසේ වෙතත් සිරස මාධ්‍ය ආයතනය ද පෙරළා ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔවුන් සඳහන් කර ඇත්තේ රටේ නීතිය නොදන්නවානම් ආපු රටකට පලයව් යනුවෙන් බරපතළ ප්‍රහාරයක් චීන තානාපති කාර්යාලයට එල්ල කරමින්.

About The Author