එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළකරමින් චීනය විසින් සකස් කළ ඒකාබද්ධ ප්‍රකාශයකට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බව වාර්තා වනවා.
මෙම ඒකාබද්ධ ප්‍රකාශය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මේ වන විට පැවැත්වෙන 47වැනි සැසිවාරය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
“රටවල් සමූහයක් වෙනුවෙන් කතා කිරීමට ලැබීම ගෞරවයක්. එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අපගේ ගැඹුරු කනස්සල්ල ප්‍රකාශ කරමු. වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, වෛරී කථාව, භීතිකාව සහ ඒ හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය එක්සත් රාජධානියේ බොහෝ කලක සිට පැවතිණි” යැයි ජිනීවාහි චීන දූත පිරිස මෙම ප්‍රකාශය නිකුත් කිරීමෙන් අනතුරුව පවසා ඇති බවද සඳහන්.
යටත් විජිතකරණය හරහා වහල් අප්‍රිකානුවන්ගේ වෙළඳාමේ සිටම එක්සත් රාජධානියේ ඉතිහාසයේ මෙම වෙනස්කොට සැලකීම් දක්නට ලැබෙන බවද චීන දූත පිරිස පවසා තිබේ.
එක්සත් රාජධානියේ හමුදා සේවයේ නියුතු පිරිස් විදේශ මෙහෙයුම් වලදී සිවිල් වැසියන් ඝාතනය කර ඇති අතර නව නීති සම්පාදනය මගින් නිසි වගවීමකින් තොරව අදාළ ඝාතකයන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ බව ද එක්සත් රාජධානියට එල්ල වී ඇති තවත් චෝදනාවක්.
එක්සත් රාජධානිය වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට මානව හිමිකම් කඩතුරාවක් ලෙස යොදා ගනිමින් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවද චීනය විසින් ඉදිරිපත් කර ඇති අදාළ යෝජනාවේ සඳහන්ව ඇති බවයි පැවසෙන්නේ.
© මුලාශ්‍රය – අරුණ
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට