එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.
මානව හිමිකම් වලට මුවාවී ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවත්නා රටවලට බලපෑම් එල්ල කරන බවයි චීන විදේශ අමාත්‍ය වෑන් – යි මහතා පවසන්නේ මෙම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පිළිබඳ අදහස් දක්වමින්.
ස්වාධීන රාජ්‍යයන්ගේ පැවැත්මට බලපෑම් එල්ල කරන මැදිහත් වීම් චීනය විසින් දැඩි සේ හෙළා දකින බවත්, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අයිතීන් සහ අභිලාෂයන් ඒකාබද්ධව සුරක්ෂිත කරලීම සඳහා නොසැලෙන සහයක් ලබාදෙන බවත් චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව වර්තාවනවා.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග දුරකථන සංවාදයකට එක්වෙමින් චීන විදේශ අමාත්‍ය වෑන් – යි මේ බව ප්‍රකාශ කළේ යැයි චීන විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන්.
චීන විදේශ අමාත්‍ය වෑන් – යි එහිදී ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මූලික පාලන ක්‍රමවේදයන් මෙන්ම, අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම ඇතුළු එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම සුරක්ෂිත කිරීමට චීනය පෙරමුණ ගන්නා බවයි.
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය ඉහළ නැංවීමට ද චීන විදේශ අමාත්‍ය වෑන් – යි එහිදී ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.
වසංගතය කඩිනමින් තුරන් කිරීම සඳහා එන්නත්කරණ සහාය ද ලබාදීමට සූදානම් බවයි ඔහු එහිදී පවසා ඇති බව සඳහන්.
හිස් වී ගිය විදෙස් සංචිත පිරවීමට චීනයෙන් ඩොලර් බිලියන 2.2ක් ඉල්ලයි
මේ අතර ශ්‍රී ලංකාව මතුව ඇති ආර්ථික අඝාධයෙන් ගොඩ ඒම සඳහා චීන බැංකු වලින් ඩොලර් බිලියන 2.2 ක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව රජය හෙළිව තිබෙනවා.
ඒ ඉහළ පෙළේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක් පසුගිය වසරේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ ණය සුදුසුකම් පහත හෙලනු ලැබු වාතාවරණයක්වේ තුළයි.
නිල සංඛ්‍යාලේඛන වලට අනුව, ජනවාරි අග වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.8 ක් දක්වා පහත වැටී ඇති අතර එය 2009 සැප්තැම්බර් මාසයේ සිට පහත වැටුණු අඩුම අගයයි.
ලංකාව චීනයටම සින්න වෙයි ?
මෙලෙස ලංකාව වෙනුවෙන් මැදිහත් වෙමින් චීනය කටයුතු කරන්නේ කුමක් වෙනුවෙන්දැයි මේ වන විට බරපතල ගැටළුවක් මතුව තිබෙනවා.
ආසියානු කලාපය තුළ සහ ලෝක ආර්ථිකය තුළ විශාල බලාධිකාරයක් ගොඩනගාගෙන ඇති චීනය මේ වනවිට ආසියානු කලාපයේ භූ ආර්ථික හා දේශපාලන වශයෙන් තීරණාත්මක දුපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව තමන්ගේ ප්‍රධාන බල කදවුරක් කරගෙන අවසන්.
ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකවේ පාලනය සඳහා සෘජු මැදිහත් වීම් කිරීම සඳහාත් අවශ්‍ය ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකවේ කටයුතු සඳහා මැදිහත් වීමේ බලයත් මේ වන විට චීනය සතුව ඇති බව පැහැදිලි කරුණක් බවයි ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වී තිබෙන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකාව අසරණ වන මොහොතක චීනයේ සහයෝගය සත්‍ය වශයෙන්ම සද් අරමුණකින් සිදුවන්නක් ද යන්න පිළිබඳ සැකයක් මතුව තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට