චීන ආයෝජන සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් සහගත ප්‍රවේශයක් අත්‍යාවශ්‍ය වන බව බංගලාදේශ අගමැති ෂෙයික් හසීනා මහත්මියගේ විදේශ කටයුතු උපදේශක ගවුහර් රිස්වි මහතා අවධාරණය කර තිබෙනවා.
ඉතා සුපරීක්ෂා කාරී ලෙස ආයෝජන හැසිර වීම රජයකට පැවරෙන වගකීමක් බව පවසා ඇති රිස්වි මහතා පෙන්වා දී ඇත්තේ චීනය මේ වන විට චීනය සංවර්ධනය වෙමින් පවතින මෙන්ම ඌන සංවර්ධිත රටවල්ද ණය උගුල් අටවා සිය අණසකට නතු කර ගන්නා බවයි.
එයට කදිම නිදසුන් ලෙස ඔහු දක්වා ඇත්තේ ජිබුටි රාජ්‍යය සහ ශ්‍රී ලංකාවයි.
ජිබුටි රාජ්‍යයට චීනයට ලබා දුන් ණය මුදල එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 70% කට වඩා වැඩි බව හෙළිව ඇති බව පෙන්වා දෙන රිස්වි මහතා ජිබුටි හි චීන ආයෝජන සහ කොන්ත්‍රාත්තු 2013 සිට 2020 දක්වා ඩොලර් බිලියන 1.02 ක් වූ බවත් ඒවායින් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහන අංශයේ ඒවා බවත් පෙන්වා දෙනවා.
තවද, 2004 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූලස්ථානය වූ ඩීපී වර්ල්ඩ්, ඩොරාලේ බහාලුම් පර්යන්තය පවත්වාගෙන යාම සඳහා වසර 25 ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ ජිබුටියට තමා ලබා ගත් ණය පියවා ගත නොහැකිව අනපේක්ෂිත ලෙස 2018 ජනවාරි මාසයේදී එම වැඩපිළිවෙල අවසන් කර, පර්යන්තය ජනසතු කොට 20% කට වඩා වැඩි ප්‍රමාණයක් චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් වෙත පැවරීමට සිදු වූ බවද සඳහන් කර තිබෙනවා.
ලංකාවට වෙච්ච දේ..
ඒ හා සමානව, ශ්‍රී ලංකාවද චීන ණය උගුලේ සිරවූ බවත් හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබා ගත් ණය ගෙවීමට ඇති දුෂ්කරතාවය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා රජය ඩොලර් බිලියන 1.1 ක මුදලකට චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම විසින් මෙහෙයවන ලද ව්‍යාපාරයකට වසර 99 ක් එම වරාය බදු දුන් බවත් සඳහන් කර තිබෙනවා.
මීට අමතරව චීන ණය උගුල තුළ සිරවූ රටවලට තම රට තුළ ඇති වටිනා දේපළ බිලි දීමට සිදුව ඇති බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
තම රට නිදහස ලබාගත්තේ විමුක්ති අරගලයක් හරහා බව සිහිපත් කර ඇති ඒ මහතා තම ස්වෛරීත්වය ආරක්ෂා කරගැනීමට තමන් දන්නා බවත් තම රටේ ණය තත්වය සම්බන්ධයෙන් තමන් ඉතාමත්ම සැලකිල්ලෙන් සිටින බවත් ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් තම රට ඉතාම යහපත් තත්වයක පසුවන බවත් පවසා තිබෙනවා.
© විදෙස් මාධ්‍ය
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට