Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීනය රුසියාව හා එක් වෙයි.

බටහිර බලපෑම් හමුවේ සමීප ව ගමන් කරමින් නේටෝ සංවිධානයට එරෙහි ව රුසියාව හා එක් වීමට චීනය තීරණය කර තිබේ.

ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිදු කළ සංචාරයක් අතරතුර දී මොස්කව් සහ බීජිංවරුන්ගේ මෙම එකඟතා ගිවිසුම එළි දක්වා තිබේ.

එහි දී මොස්කව් කියා සිටියේ තායිවානය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයට තමන් සහය දක්වන බවත් දිවයිනේ ස්වාධීනත්වය විනාශ කිරීමට විරුද්ධ බවත් ය. ඊට සහය දැක්වීමක් වශයෙන් නේටෝ සංවිධානය විසින් රුසියාවට එල්ල කර තිබෙන චෝනදාවන්ට තමා විරුද්ධ බව බීජිං කියා සිටියේ ය.

නේටෝ සංවිධානය හා එක්සත් ජනපදය මේ වන විටත් චෝදනා එල්ල කර සිටින්නේ රුසියාව යුක්රේනයට එරෙහිව සටන් වදින බව යි.

ශීත ඍතු ක්‍රීඩා සමාරම්භක උත්සවයට පෙර පුටින් මහතා සහ චීනයේ ෂී ජින්පින්ග් මහතා අතර සාකච්ඡා පැවැත්විණි.

සාකච්ඡා “ඉතා උණුසුම්” සහ ඵලදායී වූ බව ක්‍රෙම්ලිනය පවසා තිබේ.

නේටෝ සංවිධානය විසින් අභූත සීතල යුධ මතවාදයක් ලොව පුරා ප්‍රචලිත කිරීමට උත්සහ කරන බවත් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව අතර Aukus ආරක්ෂක ගිවිසුම පිලිබඳ තමන් විශේෂයෙන් සැලකිලිමත් ව සිටින බවත් ගිවිසුම තුළ වැඩි දුරටත් සඳහන් වේ.

මේ අතර, ස්වයං පාලන තායිවානය මේ වන විට බිඳී ගිය පළාතක් බවත්, එය අවසානයේ නැවත චීනයේ කොටසක් බවට පත් විය යුතු බවටත් ප්‍රකාශ කරමින් දිග හැරී ඇති චීනයේ One China ප්‍රතිපත්තියට ද තමන් සහාය දෙන බව රුසියාව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, තායිවානය තවදුරටත් සලකන්නේ තමන් ව්‍යවස්ථාවක් සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් සිටින ස්වාධීන රටක් ලෙස යි.

About The Author