චීනය කොරෝනාවෙන් ගසා කනවාද? තවත් රටවලට හිතෙන හිතෙන මිල වල ගණන් කියලා
කොරෝනා වෛරසය පාලනය සඳහා චීනයෙන් මෙරටට ලබාගැනීමට නියමිත සයිනොෆාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 15 ක මිලකට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පසුගිය 24 වනදා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව කට මෙසේ අනුමැතිය හිමිව ඇති අතර එම මිල ගණන් යටතේ චීනයෙන් ගෙන්වීමට නියමිත එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 14ක්.
මේ අතර බංගලදේශ මාධ්‍ය වාර්තා කරන්නේ සිනොෆාම් එන්නත් මාත්‍රාවක් චීනය විසින්ල ඔවුන්බාට ලබා දෙන්නේ ඩොලර් 10 ක මෝලකට බවයි.
බංග්ලාද්ශ මාධ්‍ය වාර්තා කරන්නේ එම මිල යටතේ මිලියන 1.5ක මාත්‍රා ප්‍රමාණයක් බංගලදේශ විසින් චීනයෙන් මිලට ගැනීමට අනුමැතිය හිමිව ඇති බවයි.
විදෙස් මාධ්‍ය එය වාර්තා කර ඇති අයුරු මෙතනින්..

ඩොලර් 15 මිලකට එන්නත් මාත්‍රා මිලියන 14 මිලයට ගැනීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිවූ අමාත්‍ය මණ්ඩල සංදේශය.

මේවන විට තවත් රටවල් කිහිපයකට විවිධ මිල යටතේ එන්නත් අලෙවි කරන බවට චීනයට චෝදනා එල්ල වී ඇති අතර ඩොලර් 10 – ඩොලර් 45 දක්වා විවිධ මිල ගණන් චීනය විසින් ප්‍රකාශ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට