Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගෙන් අලුත් අවුරුද්දට සුබ පැතුම්

චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දෙවරක් දුරකතනයෙන් සම්බන්ධ කරගනිමින් ලබාදුන් උපක්‍රමීය උපදෙස් අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවයත් සිහිපත් කරයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතාද උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් එක් කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ චීන ජනතාව වෙනුවෙන් තමන් මෙම සුබ පැතුම ශ්‍රී ලාංකේය ජනතාව වෙත එක් කරන බවයි.

උපුටා ගැනීම

ගෙවී ගිය වසර චීනය හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තවත් තහවුරු වීම සනිටුහන් කළ වසරකි. ජනාධිපති  ෂී ජින්පිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙවරක් දුරකථනය හරහා සම්බන්ධ කර ගනිමින් සිදු කරමින් ද්විපාර්ශ්වික සබඳතාව උපක්‍රමිය උපදෙස් ලබා දුන් අතර සහයෝගිතා පිළිබඳව වැදගත් පොදු අදහස් රැසකට එළඹී තිබේ.

බහුපාර්ශ්වික වේදිකා මත දෙරට සමගියෙන් සම්බන්ධීකරණයෙන් කටයුතු කර ජාත්‍යන්තරය සාධාරණ හා යුක්තිය මෙන්ම දෙපාර්ශ්වයේ පොදු යහපතද ආරක්ෂා කරගැනීමට හැකිවිය. ඒ හරහා දෙරට ජනතාව අතර මිතුදම තව තවත් ශක්තිමත් කර ගැනීමට හැකි විය.

පසුගිය වසරේ දෙරට විවිධ ක්ෂේත්‍රවල පැවති ප්‍රායෝගික සහයෝගිතා වඳ ප්‍රවර්ධනය වී තිබේ. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය යන නව ආර්ථික එන්ජින් දෙක ලද ජයග්‍රහණය කැපී පෙනේ.චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ජල තාක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානය, ජාතික වකුගඩු රෝහල ඇතුළු ජන ජීවිතයේ අදාල ව්‍යාපෘතීන් භාවිතයට ගෙන හෝ, නොබෝ කලකින් භාවිතය ගැනෙනු ඇත,

ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ අඛණ්ඩ වර්ධනය සඳහාත්, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ ඉහළ ගුණාත්මක සංවර්ධනය හා සෞභාග්‍යය දැක්ම සැලැස්ම එකට සම්බන්ධ කරමින් සංවර්ධනය කිරීම සඳහා ඒවා බලවත් ශක්තිය එකතු කර ඇත.

නව අවුරුද්ද නව ආරම්භයකි. දෙරටේ නායකයින් එළඹුණු වැදගත් පොදු අදහස් වල උපදෙස් අනුව අප  චීන – ශ්‍රී ලංකා උපායමාර්ගික හවුල්කාරිත්වය නව තලයකට නංවාලීම ඉදිරියට මෙහෙයවමින් වඩා වැඩි ප්‍රතිඵල දිනාගනිමින් රටේ ජනතාවට සුබ සෙත  නිර්මාණය කිරීමට ප්‍රයත්න දරනු ඇත.

 ‍ශ්‍රී ලංකාවට සාමය හා සෞභාග්‍යය පතමි !!! 

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය දිගුකල් දිනේවා !!!

About The Author