රටවල් පහක් එක්ව තීරණයක් ගනී
ශ්‍රී ලංකාවට නැවත ණය හෝ ආධාර නොදීමට චීනය ඇතුළු රටවල් පහක් තීරණයක් ගැනීමට යන බවට තොරතුරු වාර්තා වේ.
දැනට මෙරටට පැමිණ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් කණ්ඩායමක් හමුවූ අවස්ථාවේ මේ බව දැනුම් දී ඇත.
මෙසේ චීනය ණය හෝ ආධාර නොදීමට යාම ප්‍රධාන කරුණු දෙකක් පදනම් කරගෙන කෙරෙන බව ද එම රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහන් කර තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගැටලුව එක් ප්‍රධාන කරුණක් ලෙස දක්වා ඇති අතර, චීනයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ආපසු හරවා යැවූ පොහොර නැව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව දෙවන කරුණ ලෙස සඳහන් කර තිබේ.
මේ වනවිට චීනය ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 16ක් පමණ ණය දී ඇත. චීනයෙන් ශ්‍රී ලංකාවට දුන් මුදල් යොදවා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා නැතැයි ද, ලබාගෙන තිබුණු ණය මුදල් ගෙවීම පමණක් කර ඇති බව ද එම රාජ්‍යතාන්ත්‍රික පිරිස පෙන්වා දී ඇත.
ඉදිරියේදී මෙම තත්ත්වය යටතේ ඉන්දියාවෙන් පොලියට ණය ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවන බව ද එම පිරිස අවධාරණය කර ඇත.
© මව්බිම
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට