Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීනයෙන් ශ්‍රී ලංකා මහජන බැංකුවට ප්‍රහාරයක් : පැහැර හැරීමේ අසාදු ලේඛනයට ඇතුළත් කරයි : අසූචි සහ අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර ගෙන ඒම ගැන මීක් නෑ

මහජන බැංකුව සම්බන්ධයෙන් ගත් තීරණය ලොවටම කියයි

“සැලකිය යුතු L/C අවදානම් අනතුරු ඇඟවීම: ශ්‍රී ලංකා මහජන බැංකුව පැහැර හැරීමේ අසාදු ලේඛනයට ඇතුළත් වේ” යනුවෙන් චීන තානාපති කාර්යලයේ ආර්ථික හා වාණිජ කාර්යාලයේ වෙබ් අඩවියේ පුවතක් පලකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහජන බැංකුව විවෘත කළ ණයවර ලිපි සඳහා අදාල මුදල් ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් මෙලෙස අසාදු ලේඛනයට ඇතුළත් කළ බවයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාමේ දී චීන සමාගම්වලට විශාල පාඩුවක් සිදු වූ බව ද ඒම සටහනෙහි දැක්වෙනවා.

ශ්‍රී ලංකාව සමඟ වෙළඳාම් කිරීමේදී මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපි භාර ගැනීමෙන් වළකින ලෙසත් වෙළඳ අවදානම් ඉවත් කරන ලෙසත් චීනයේ අරමුදල් ලබන සියලුම ව්‍යවසායන්ගෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලයේ වෙබ් අඩවියේ වැඩිදුරටත් සදහන්.

එහි දළ සිංහල පරිවර්තනය අනුව එහි දැක්වෙන්නේ,

L/C සැලකිය යුතු අවදානම් මතක් කිරීම් යාවත්කාලීන කිරීම: ශ්‍රී ලංකා මහජන බැංකුව අසාදු ලේඛනගත කර ඇත

මෑතකදී, ශ්‍රී ලංකා මහජන බැංකුව L/C පැහැර හැරීමේ විෂම සිදුවීමක් අත්විඳ ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳාමේ දී චීන ව්‍යවසායන්ට විශාල අලාභයක් සිදු විය. මෙම බැංකුව දැන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර ඇත.

අවදානම් පාලනය ශක්තිමත් කරන ලෙසත්, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළෙඳාමේ දී ශ්‍රී ලංකා මහජන බැංකුව විසින් නිකුත් කරන ලද L/C පිළිගැනීමෙන් වළකින ලෙසත් කාර්යාලය සියලුම චීන ව්‍යවසායන් වෙත ගෞරවයෙන් සිහිපත් කරයි.

යනුවෙනි.

මූලාශ්‍ර :- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය

About The Author