චීනයේ නැගෙනහිර පළාතේ ශියන්ෂු නගරයෙන් H 10 N 3 නමින් හැඳින්වෙන දුර්ලභ කුරුළු උණට හේතුවන වෛරසයක් ආසාදනය වූ රෝගියෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔහු 41 හැවිරිදි පිරිම පුද්ගලයෙකු බවත් එම වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණු පළමු පුද්ගලයා ඔහු බවත් චීනයේ බීජිං හි ජාතික සෞඛ්‍ය කොමිසම තහවුරු කළා.
මේ වන විට අදාළ පුද්ගලයාගේ ආශ්‍රිතයින් හඳුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් ද මේ වනවිට සොයා බලමින් සිටින බවයි වාර්තාවන්නේ.
කෙසේවෙතත්, අදාළ වෛරසය ආසාදනය වූ වෙනත් කිසිඳු පුද්ගලයෙකු මෙතෙක් වාර්තා වී නැහැ.
වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගැනුණු පුද්ගලයාට ද එය ආසාදනය වූයේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර චීනයේ විවිධ අවස්ථාවලදී විවිධ වර්ගයේ කුරුලු උණ රෝගී තත්ත්වයන් වාර්තා වී තිබෙනවා.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර