Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගෝන මස් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

වනාතවිල්ලුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට විසින් ඊයේ (14) අළුයම 3,00 ට පමණ වනාතවිල්ලුව ප්‍රදේශයේ දී සිදුකළ මුර සංචාරයක් අතරතුර දඩයක්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුවන් සමඟ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් දැඩි ලෙස ආරක්ෂිත ක්ෂීරපායි සත්වයෙක් වන ගෝනෙකුගේ මස් කිලෝග්‍රෑම් 74 ග්‍රෑම් 500 ක් අත්අඩංගුවට ගත්තා. එම සැකකරුවන් දිගින් දිගටම මස් ජාවාරමේ නිරත වන්නන් ද යන්න විමර්ශන ක්‍රියාත්මක යි. තවදුරටත් දඩයක්කරුවන් විසින් සිදුකරන සතුන් දඩයම් කිරීම හසුකර ගැනීම සඳහා වනජීවී නිලධාරීන් විසින් නිරන්තරයෙන් වැටලීම් සිදුකරනවා.

ඊයේ (14) දිනම සැකකරුවන් දෙදෙනා සහ නඩු භාණ්ඩ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී සැකකරුවන් වරද පිළිගත් අතර ගරු මහේස්ත්‍රාත් විසින් ලක්ෂ 02 ක ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරියා. නැවත නඩුව එළඹෙනපෙබරවාරි මස 22 දින කැඳවීමට නියමිත යි.

මෙම වැටලීම වනජීවී නියාමක ටී.එම්.සී.ඩී තිලකරත්න, එච්.වී.ඒ.මදුරංග විතාන ඇතුළු වනජීවී නිලධාරින් විසින් සිදුකළ අතර අධිකරණ කටයුතු සඳහා කරුවලගස්වැව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ත්ව අඩවි සහකාර ලසන්ත කුමාර මහතා සම්බන්ධ වී තිබුණි.

About The Author