හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක් ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද පිටත්ව ගියහ.
ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ , පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ , ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එසේ පිටත්ව ගියහ. මෙම පිරිස එමිරේට්ස් ගුවන් ගුවන් යානයකින් අද අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබේ .
මෙම පිරිස මුලින්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට