Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගෝඨා, බැසිල්, සේනාධිපති පාස්කු ප්‍රහාරයට ඈඳු සජබ මන්ත්‍රී අශෝක් CID ය මගහරී

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුකරවනු ලැබුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවට සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් හය දෙනෙකු ගොනුකළ පැමිණිල්ලකට අදාලව කට උත්තරයක් ලබා දීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අශෝක් අබේසිංහ මහතාට ඊයේ (08) දැනුම් දී තිබුණා.

නමුත් ඔහු ඊයේ දිනයේ කට උත්තරය ලබාදීම සඳහා පැමිණ නැහැ.

ඒ අනුව අද (09 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දෙමින් ඒ මහතා වෙත 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 109 (06) වන්තිය යටතේ ලිඛිතව දන්වා යැවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු කරවනු ලැබුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවත්, ඒ සඳහා මුදල් වැය කරනු ලැබුවේ ඇවන්ගාඞ් හිමිකරු නිශ්ශංක සේනාධිපති මහතා බවත් ඔහු සඳහන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වූ අතර එම ප‍්‍රකාශය අශෝක් අබේසිංහ මහතා සිදු කර තිබුණේ සමගි ජන බලවේගය පක්‍ෂයේ අභ්‍යන්තර ජනහමුවකදී බවද වාර්තා වුණා.

අශෝක් අබේසිංහ මහතා සිදු කළ එම ප‍්‍රකාශය ද්වේශ සහගත එකක් බව සඳහන් කරමින් මේ වන විට ඇවන්ගාඞ් ආයතනයේ හිමිකරු වන නිශ්ශංක සේනාධිපති මහතාද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

About The Author