ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රසායනික පොහොර ආනයනය මුළුමනින්ම තහනම් කරමින් ආණ්ඩුව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ලිහිල් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අංක 2238/45 දරණ නව නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ඇතැම් රසායනික පොහොර වර්ග ගෙන්වීම සදහා අවසරය ආණ්ඩුව විසින් ලබා දී තිබීම විශේෂත්වයක්.
ජනාධිපතිවරයා පසුගිය දිනවල මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද හමුවී කිසිවිටකත් රසායනික පොහොර තහනම් කිරීම සඳහා තමන් ගනු ලැබූ තීරණයේ වෙනසක් නොකරන බව අවධාරණය කළ පසු බිමක මෙම සංශෝධනය සිදු වීම විශේෂත්වයක්.
මීට පෙරද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බල රහිත වුයේ නුවරඑළියේ ගොවින්ටද රසායනික පොහොර ටොන් ගණනක් බෙදා හැරීමට ගනු ලැබූ තීරණයත් සමගයි.
සබැඳි පුවත් වැඩි දුර තොරතුරු කියවන්න..
- රසායනික පොහොර තහනම් කතාව රිවස් ගියරයට වැටෙයි – තහනම් කියූ පොහොර ටොන් ගණන් ආණ්ඩුවෙන්ම බෙදයි
- “මින් මතු ලංකාවට රසායනික පොහොර ගෙන්නන්නේ නෑ
- රසායනික පොහොර තහනමේ ප්‍රතිඵල තැපෑලෙන් එයි
- රසායනික පොහොර ආනයනය තහනම් කළ ආණ්ඩුව හෙක්ටයාර එකොලොස් දහසකට අවශ්‍ය කාබනික පොහොර ආනයනයට සැරසෙයි
- කාබනික පොහොර නිපදවීමත් හමුදාවට භාර කෙරේ
- කැබිනට්ටුවේ තුන්වතාවක් කතා කළා, පොහොර නැති වීම ගැන සමාවෙන්න – අමරවීර කතා කරයි
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙසේ ගෙන්වීමට අවසර ලබාදී ඇති ද්‍රව්‍ය අතර පොහොර නිෂ්පාදනයට අවශ්‍ය නයිට්‍රජන්, පොස්පරස්, පොටැසියම් යන ඛනිජ හෝ ඒවා අඩංගු රසායනික පොහොරද අඩංගු වන බව වාර්තවනවා.
ඒ අනුව ජූලි 31 දින සිට මෙරටට රසායනික පොහොර ගෙන්වීමට අවසර හිමිව තිබීම විශේෂත්වයක්.



අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට