Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගොවීන්ට කෘෂිකර්මය සහ පොහොර භාවිතය ගැන කියා දීමට හමුදාව යොදවයි

හැම වැඩකටම ජනතාව ඉල්ලන්නේ හමුදාවයි : ජනපති පවසයි

ජනතාවගේ යහපත වෙනුවෙන් වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා තමන් මුලික වෙමින් ගනු ලැබූ කාබනික පොහොර වැඩසටහන ගොවීන් අතර ජනප්‍රිය නොවූයේ ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව නිවැරදි ආකාරයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමට අපොහොසත් වීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පසුගියදා මොනරාගල ප්‍රදේශීය පැවැති උත්සවයකින් අනතුරුව රැස්ව සිටි ගොවි මහතුන් පිරිසක් සමඟ සුහඳ පිළිසඳරක යෙදෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රටේ සියලු කටයුතු සඳහා හමුදාව ලබාදෙන්නැයි ජනතාව ඉල්ලා සිටින බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා එලෙස ඔවුන් ඉල්ලීම් සිදු කරන්නේ හමුදාව සතු විනය සහ සාමූහික කණ්ඩායම් හැඟීම හේතුවෙන් බව ද පෙන්වා දුන්නා.

පසුගිය කාලයේ පොහොර භාවිතය පිලිබද ගොවි ජනතාව දැනුවත් කිරීමට අදාළ අංශ අපොහොසත් වී ඇති බැවින් යල කන්නයේ දී ගොවීන්ට වගා කටයතු පිලිබඳ දැනුවත් කිරිම සඳහා යුධ හමුදාව යොදවන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කිරීම විශේෂත්වයක්.

සද්භාවයෙන් යුක්තව ජනතාවාදී වෙමින් තමන් කටයුතු කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සැමවිටම ජනතාව තමන් පිළිබඳ විශ්වාසය තැබීම අතිශයින්ම වැදගත් බව ද සඳහන් කළා.

About The Author