Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගේමක් දී කට්ටි පනිමින් සිටි එතනෝල් ව්‍යාපාරිකයෙකුට රැකවරණය දුන් පොහොට්ටුවේ රාජ්‍ය ඇමති අරුන්දිකට සහ මන්ත්‍රී මධුර විතානගේට එරෙහිව දැඩි පියවර ගන්නවාලු

ඇමතිකම ගැලවෙයි ලු

නීතියෙන් බේරීම සඳහා විදෙස්ගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු  මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවාගෙන ආ බවට චෝදනා එල්ලවී  සිටින රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්  රජයේ ප්‍රධානින් දැඩි පියවරක් ගැනීමට සූදානම් වන බව  ආණ්ඩුවේ ආරංචිමාර්ග ඔස්සේ වාර්තාවනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රජය  බුද්ධි අංශවලින් සම්පූර්ණ  වාර්තාවක් දැනටමත්  ලබාගෙන ඇතැයි පවසන එම ආරංචි මාර්ග  ජනාධිපතිවරයා සිද්ධිය  කැබිනට් මණ්ඩලයටද ඉදිරියේදී  දැනුම් දීමට  නියමිත බවයි සඳහන්ව කරන්නේ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසු   කිසියම්වූ  ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි  ද පැවසෙනවා.

චෝදනාවට ලක්ව සිටින රාජ්‍ය අමාත්‍යවරයාගේ  එම අමාත්‍ය පදවිය  මේ යටතේ අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද  සඳහන්.

ජයලත් ක්‍රිෂාන් පීරිස් හෙවත් එතනෝල් ජයලත් නමැති මෙම ව්‍යාපාරිකයා  කලකට පෙර  විදේශගතව ඇතැයි පැවසෙන්නේ  පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අවස්ථාවේදීය.

ව්‍යාපාරිකයා මෑතකදී මෙරටට පැමිණ එම දේශපාලඥයන් මාර්ගයෙන්  පොලිසියට බාරවීමෙන් පසු  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්  ඇප මත  මුදාහරිනු ලැබුවේ ද විදෙස් රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල් සම්බන්ධ බදු පැහැර හැරීමේ වරදකට අදාලවයි.

පසුගිය දා ඩුබායි හි පැවති එක්ස්පෝ ප්‍රදර්ශනයට සභාගී වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අදාළ ව්‍යාපාරිකයා සමග පැමිණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තය ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී අනෙක් අන්තයේ ඔහු එනතුරු රැඳී සිටි කිතුල්, පොල්, තල් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඔහුට රැකවරණය ලබා දී ඔහු අත්අඩංගුවට පත් වීම වළක්වා ඇති බව පැවසෙනවා.

About The Author