Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගෙදර අයට කන්න බොන්න සල්ලි නැත්නම් ගත්ත ණය නොගෙවා ඉන්න පුළුවන් : අපි කතා වෙලා එහෙම කළා : හිටපු මුදල් ඇමති පාර්ලිමේන්තුවේදී රටට කියයි

තියනවා තියනවා මොන ප්‍රශ්නද කියා කබ්රාල් ලා බැසිල්ලා කියූ කතා සබ්රි බොරු කරයි

ණය තුරුස් ගෙවා ගත නොහැකිව සාමාන්‍ය ජනතාව සියදිවි නසා ගන්නා රටක, රටක් පාලකයින් විසින් මහජන බදු මුදලින් සුර සැප විඳිමින් රාජ්‍ය මුල්‍ය කළමනාකරණය අවුලෙන් අවුලට පත් කර දමා දැන් අපූරු කතාවක් කියනට පටන් ගෙන තිබේ.

“ඔව් ණය ගෙවන්න තිබුණා, ඒකට සල්ලි තිබුණේ නෑ. ඒ නිසා අපි කතා වෙලා ණය නොගෙවන්න තීරණය කළා.” ඔන්න කතාව.

සාමාන්‍ය මනුස්සයෙක් ලීසිං වාරිකය නොගෙවත් හැරෙන තැපෑලෙන් වාහනේ උස්සගෙන යන රටේ රටක මහා බැංකු අධිපතිවරු , මුදල් ඇමතිලා කියන කතාව කොහොමද?

දැන් මේ සම්බන්ධයෙන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහත්මයටත් චෝදනා එල්ල වෙන්න පටන් අරන්.

මහබැංකු අධිපතිවරයා ධුරයෙන් ඉවත් කළ යුතුයි වගේ කතාත් ඔය අතරේ කියවෙද්දී හිටපු මුදල් අමත්‍ය අලි සබ්රි මහත්මය කිව්වේ නන්දලාල් වගේ දක්ෂ අවංක එඩිතර නිලධාරියෙකු නිසා ජනතාවට අද සහන ලැබෙන බවයි.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට වුවමනා නම් ඔහු වෙනුවෙන් තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් වත්මන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළා.

අද පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ න්දලාල් වීරසිංහ මහතා ගත් තීරණ මත අද ජනතාවට ප්‍රතිලාභ ලැබෙන බවයි.

නන්දලාල් වීරසිංහ මහතා සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී එල්ල වූ චෝදනා පිළිබඳව අදහස් පළ කරමින් අදහස් දැක්වූ අලි සබ්රි මහතා,

ණය ගෙවීමට නොහැකි බව ප‍්‍රකාශ කලේ එවකට මුදල් ඇමති වශයෙන් තමන්ගේද, හිටපු ජනාධිපතිවරයාගේ මෙන්ම තවත් විශාල පිරිසකගේ අනුමැතිය මත බවත් සඳහන් කළා.

“සල්ලි නෑ ගෙවන්න, ඩොලර් මිලියන 203ක් ගෙවන්න තියනවා. භාණ්ඩාගාරයේ තිබ්බෙ අමෙරිකානු ඩොලර් තිස් හත් දාහයි. එතකොට ඒවා ගෙවනව ද ණය ගෙවනව ද? මට හිතා ගන්න බෑ! මම ඒ වගකීම බාර ගත්තා. මම ඒ තීරණය අවශ්‍ය අයත් එක්ක සාකච්ඡා කළා. මට ඒ තීරණය ගන්න මහ බැංකු අධිපතිතුමා අවශ්‍ය උපදෙස් දුන්නා. නමුත් කාට හරි ඔහුව ඉවත් කරන්න ඕන නම්, මම පැත්තකට යන්නම්, එතුමාව තියා ගන්න. ඔහු ගත්ත තීරණවලින් අද ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා. බොරුවට මිනිස්සු පස්සෙ යන්න එපා. මේ වගේ නිර්භීත තීරණ ගන්න මිනිස්සු තියාගන්න ඕන.”

About The Author