ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධූරවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවනවා.
ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ වන විට අමාත්‍යවරයාට යොමු කර තිබූ බවයි හෙළිව තිබෙන්නේ.
ඒ විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහා එම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස සිදුකළ දැනුම් දීමකට අනුවයි.
එයට හේතුව වී තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවට අයත් සංඛ්‍යාත අනුමැතියකින් තොරව පෞද්ගලික අංශයට ලබාදීමට පියවර ගැනීම සහ සංස්ථාවට අයත් ඉඩමක් වෙනත් පාර්ශවයකට පවරා දීමේ අක්‍රමිකතාවක් හේතුවෙන් බවද වාර්තවනවා.
කෙසේ වෙතත් ගුවන් විදුලි සංස්ථවේ සභාපති ධුරය දැරූ විශාරද ජගත් වික්‍රමසිංහ මහතා මීට පෙර සඳහන් කර තිබුණේ අමාත්‍යවරයා විසින් තමන්ට ඉල්ලා අස්වන්නැයි නොකී බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට