ගුරුවරුන්ගේ වැටුප් ප්රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වන තීරණාත්මක සාකච්ඡාවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග හෙට (11) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
මේ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත්තේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින්.
පසුගියදා අභයාරාම විහාරස්ථානයට ගුරු වෘත්තිය සමිති ඇතුළු පාර්ශව ගණනාවක් කැඳවා සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා තිබෙන්නේ මෙම ගැටලුව විසඳීම සඳහා තමන් ද උපරිම අයුරින් මැදිහත් වන බවයි.
ඒ අනුව උන්වහන්සේ විසින් ගුරු සංගම් නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සඳහා කාල වේලාව වෙන් කරගෙන තිබෙනවා.
මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගුරු ගැටලුව සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද උන්වහන්සේට කෘතවේදීත්වය පළ කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි