ගුරු වෘත්තීය සමිති අද (27) දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.
පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලැබීය. ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
මේ අතර රජය හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අද (27) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
තෙවන පාසල් වාරය නොවැම්බර් මස 01 වනදා යළි ආරම්භ වන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින තුළ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු හිමිවෙයි.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්