ගාලු දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ආණ්ඩුවේ කොරෝනා මර්ධන වැඩ පිළිවෙල සහ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳ දැඩි විවේචනාත්මක ලෙස අදහස් පල කරනවා.
ඇය පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ නායකයින් වටා සිටින “සෙරෙප්පු සුපාලා” මෙන් තමන්ට කටයුතු කළ නොහැකි බවයි.
ජනාධිපතිවරයාටවත් පින්සෙන්ඩු වෙමින් තමා කටයුතු නොකරන බව ද පවසන කුමාරසිංහ මහත්මිය ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් තමන් රජයෙන් ඉල්ලා සිටි කිසිවක් මෙතෙක් ලැබී නොමැති බවද සඳහන් කළා.
තමන්ට පුද්ගලිකව සිදුවූ ඇතැම් දේ ප්‍රසිද්ධියේ කිව නොහැකි බවද පැවසු ඇය තමා සතුව ඇති රහස් රැසක් ඉදිරියේදී හෙළි කරන බවද සඳහන් කළා.
ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය මේ අදහස් පළකලේ Mee MassooTV සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට