පසුගිය සතියේ දිනෙක තමා විසින් ම සිරුරට ගිනි තබා ගැනීමෙන් මිය ගිය රුසියානු මාධ්‍යවේදිනියගේ මරණය පිළිබඳ පරීක්ෂණ වහා අරඹන මෙන් යුරෝපාන සංගමය ඉල්ලා තිබේ.
එම සංගමයේ විදේශ කටයුතු පිළිබඳ ප්‍රධාන ප්‍රකාශක “පීටර් ස්ටැනෝ” සඳුදා දිනයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මාධ්‍යවේදිනී “ඉරිනා ස්ලැවිනා”ගේ ඛේදජනක මරණය පිළිබඳ සියලු දෙනා ම අතිශයින් කණගාටුවට පත් වන බව යි.
ඇගේ සැබෑ නම වූයේ “ඉරිනා මුරක්තයිවා” ය. රුසියානු විමර්ශන කොමිසම සඳහන් කරන පරිදි ඉරිනා පසුගිය සිකුරාදා දිනයේ දී මොස්කව් නගරයට කිලෝමීටර 400ක් පමණ දුරින් පිහිටා තිබෙන “නිශ්නි නොව්ගොරොද්” නගරයේ දී ගිනි තබා ගෙන මිය ගොස් තිබේ. මෙම සිය දිවි නසා ගැනීම පිළිබඳ ඇගේ නවාතැනෙන් ලද සාක්ෂි සහ ඉතිරි සියලු දේ පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම ඔවුන් විසින් සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන ලදී.
ශ්‍රීනි ලංකා ජයකොඩි


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර