ශ්‍රී ලංකා මුහුදු තිරයේ දී ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ අයිතිය දැනට පවතින්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා.
එබැවින් ඒ සදහා අයිතිවාසිකම් කීමට කිසිදු පාර්ශවයකට නොහැකි බවත් නැව සම්බන්ධයෙන් ය කරගන්නා වන්දි මුදල්ද අයත් වන්නේ ශ්‍රී ලංකාවට බවත් ඔහු පවසනවා.
නැව ගිනි ගැනීමෙන් සිදු වූ පරිසර හානිය සහ ද්‍රව්‍යමය හානිය ගැන තවමත් තක්සේරු කරමින් ඇතැයිද ශ්‍රී ලංකාවට මිස වෙනත් රටකට මෙම නැව ගිනි ගැනීම නිසා ඇති වූ හානියට ගෙවන වන්දිය ලබා ගැනීමට ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කළා.
දැනටමත් නාවික හමුදාව වරාය අධිකාරිය ඇතුළු රජයේ ආයතන මෙම නැව සම්බන්ධව කටයුතු කරන බවත් ඉදිරි ක්‍රියාමාර්ග සියල්ලම ගන්නේ රජයේ මැදිහත් වීමෙන් බවත් ඔහු මෙහිදී සඳහන් කළා.
කිසිම අවස්ථාවක නැව නිසා සිදු වූ හානියට වන්දි ලබා ගැනීමට වෙනත් කිසිදු කණ්ඩායමට ඉඩ නොතබන බවද පැවසූ මන්ත්‍රීවරයා නැව ගලවා ගැනීමේ මෙහෙයුමට සහාය දුන් රටවල් සහ සමාගම් වලට යම් ගෙවීමක් කරන්නේ ද ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකාවට ලැබෙන වන්දි මුදලින් බවද සඳහන් කළා.
ඔහු මේ අදහස් පළකලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
මේ නෞකාවේ ගින්න නිවා දැම්මේ මෙහෙයුම් සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායද සිය සක්‍රිය දායකත්වය දක්වා ඇති අතර මේ වන වන විට අදාළ ක්‍රියාන්විතය සදහා වන්දි මුදල් ලබා ගැනීම සඳහා ඔවුන්ද කටයුතු කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වනවා.
සබැඳි පුවත් – ගිනිගත් නැව ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලයි ද?


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට