Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගෑස් හිඟය මැද්දේ ඉන්ධනත් නැතිවෙන හැඩ – ඉන්ධන ගෙන්වීම නවතී ද ?

ගෑස් මිලදී ගැනීමට කොරෝනා නොතකා කිලෝමීටර් ගාණක් දිග පෝලිමක්

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඉන්ධන ආනයනය නැවතීමට ඉඩ ඇති බවට බලශක්ති ඇමතිවරයා අනතුරු අඟවා ඇතැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරනවා.

ඉන්ධන සැපයුම අඩාල වුවහොත් රටේ ජනතාව දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනු ඇති බවද ඔහු සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ අද පවතී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

දැනටමත් මෙරට ගෑස් ආනයන සමාගමක් ගෑස් ආනයනය නවතා ඇති බවත් ඉන් අසරණ වූ පාරිභෝගිකයන්ට තවමත් විසඳුම් ලැබී නැති බවත් ඔහු පෙන්වා දෙනවා.

කිරිපිටි ආනයනය අත්හිටුවීමට ද සමාගම් තීරණය කර ඇති ඇති නිසා වෙළඳපල තුල කිරිපිටි හිගයක් ඇති වී තිබෙන බව ඔහු සිහිපත් කළා.

මේ අතර අද දිනය පුරා බොහෝ ගෑස් අලෙවිසල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණේ ගෑස් හිඟයක් ඇති වේය යන තොරතුර මත ගෑස් මිලදී ගැනීම සඳහා පිරිස් පැමිණීම හේතුවෙන්.

ඇතැම් වෙළඳසැල් වල ගෑස් තොග අවසන් වීම හේතුවෙන් ජනතාවට හිස් අතින් නිවෙස් බලා යාමට ද සිදුව තිබුණා.

About The Author