ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කිරීමෙන් නොනැවතී ගෑස් කාන්දු හඳුනාගන්නා ආරක්ෂක වායුවත් ඉවත් කරලා
දිවයින පුරා අසරණ මිනිසුන් ආහාර පිස ගැනීම වෙනුවෙන් මුදල් ගෙවා , දිගු පෝලිම් වල රැඳී සිට බෝම්බයක් ගෙට ගන්නා තැනට ගෑස් සිලින්ඩර පත්ව ඇති මොහොතක ලිට්රෝ ගෑස් සමාගම විසින් සිදු කළ බිහිසුණු අපරාධයක් පිළිබද මේ වන විට කරුණු අනාවරණය වෙමින් තිබෙනවා.
ඒ අනුව ගැස් සිලින්ඩර වල සංයුතිය වෙනස් කොට පීඩනය ඉහළ නැංවීමෙන් නොනැවතී ගෑස් කාන්දු හදුනා ගැනීම සඳහා ගෑස් සිලින්ඩරයේ ඇති එතීල් මර්කැප්ටන් වායුව ඉවත් කර තිබෙනවා.
සාමන්‍යයෙන් ගෑස් සිලින්ඩරයක 14% ක ප්‍රමාණයක් අදාළ වායුව අන්තර් ගත විය යුතු වුවත් මේ වන විට ලිට්රෝ ගෑස් සිලින්ඩරයක අඩංගුව ඇත්තේ එම වායුවෙන් 5% ක අගයක් බවයි මුලික විමර්ශන වලදී හෙළිව ඇත්තේ.
ඒ අනුව යම් මොහොතක ගෑස් කාන්දුවක් සිදුවන විට ඒ පිළිබඳ දැන ගැනීමට ඇති ආරක්ෂක ක්‍රමවේදය වන්නේ කාන්දුවන අධික දුර්ගන්ධයෙන් යුතු අදාළ වායුව ආග්‍රහණය වීමට පාරිභෝගිකයින්ට ඉඩ ලැබීමයි.
මේ වන විට ගෑස් කාන්දුවක් සිදු වුවද එය දැන ගැනීමේ හැකියාව පාරිභෝගික ජනතාවට අහිමිව ගොස් තිබෙනවා.
ගෑස් කාන්දු පිළිබඳ සිදුකරන ආයතනික පරීක්ෂාවත් පැහැර හැරලා
සෑම ගෑස් සිලින්ඩරයක්ම ගැස් පිරවීමෙන් පසු සිදුකරන ගෑස් කාන්දු පිළිබඳ පරික්ෂනය ද සිදු කිරීම නවතා දමා ඇති බව මේ වන විට හෙළිවෙමින් පවතිනවා.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ පිළිබඳ කරුණු හෙළිකළා.
මේ තත්වය තුළ පාරිභෝගිකයින් බරපතල ජීවිත අවදානමකට මුහුණ දී ඇති බව පැහැදිලි වනවා.
මෙම තත්වය පිළිබඳ ඛනිජතෙල් සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වසර 35කට අධික කාලයක් සේවය කරමින් අත්දැකීම් ලබා ඇති, ආචාර්ය අශෝක රන්වල මහතා Mee Massoo TV සමග සිදුකළ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් මේ පිළිබද තවත් කරුණු රැසක් හෙළි කළා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි