එකවරම සියට සියයක් මිල උඩ යයි
කිලෝ ග්රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ත ගෑස් සිලිනඩරයක මිල අද සිට රුපියල් 1257 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම ප‍්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2750 ක්.
මීට පෙර එහි මිල සඳහන් වුයේ රුපියල් 1493 ලෙසයි.
කිලෝ ග්රෑම් 5 ලිට්රෝ රො ගැස් සිලින්ඩරයක් රුපියල් 503කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 1101ක්.
කිලෝ ග්රෑම් 2.5 ලිට්රෝ ගැස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 520ක්.
මේ අතර ,
ලාෆ් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ද ඒ අයුරින්ම ඉහළ දමා තිබෙනවා.
ඒවායේ බර අනුව නව මිල ගණන් මෙසේයි.
කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක නව මිල රුපියල් 2840ක්.
කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක නව මිල රුපියල් 1136ක්.
ඒ අනුව මිල ඉහල දැමීම පැවති මිලට සාපේක්‍ෂව 100%ක ආසන්න මිල වැඩි කිරීමක්.

රජය විසින් ගෑස් මිල සඳහා පනවා තිබූ මිල සීමා ඉවත් කිරීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කිරීම විශේෂත්වයක් වන අතර සියලු දෙනා නොමඟ යවමින් ලීටර 18 ප්‍රිමියම් හයිබ්‍රිඩ් නැමති නව සිලින්ඩරයක් අලෙවි කිරීම හරහා ද ගෑස් සමාගම් පාරිභෝගික ජනතාවගෙන් අයථා ලෙස මුදල් අය කර ගනු ලැබුවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට