අපරාධ වරදක් සිදුකළ බව තහවුරු වී තිබියදීත් ගෑස් සමාගම් රකින්නේ කවුද ? නීතීඥ නගානන්ද කොඩිතුවක්කු හෙළිකරයි
ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන තම වගකීම් දිගින් දිගටම පැහැර හරිමින් කටයුතු කරමින් සිටින බවත් පාරිභෝගික ජනතාවට ද මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීමෙන් තම අයිතීන් අහිමි කර ගෙන සිටින බවත් මහජන අයිතීන් බල ගැන්වීම සම්බන්ධයෙන් අදහස් පල කරන නීතීඥ නගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වා දෙනවා.
ඔහු පවසන්නේ මිනිස් ජීවිත පවා අහිමි කරමින් සිදුවන ගෑස් ආශ්‍රිත අනතුරු සම්බන්ධයෙන් කරුණු හෙළි කළ පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාටද මේ වන විට තර්ජන එල්ල වී ඇති බවයි.
ගෑස් සමාගම් විසින්ම ලබා දී ඇති වාර්තා අනුව මෙම සිදුවීම අපරාධ වරදක් ලෙස කරුණු අනාවරණය වෙමින් පවතින අවස්ථාවක පවා ඇතැම් කණ්ඩායම් එම සමාගම් ආරක්ෂා කිරීමට ඉදිරිපත්ව ඇති බවට චෝදනාවක්ද සිදු කරනවා.
මේ වන විට ඇතැම් සමාගම් මාධ්‍ය බලයද යොදා ගනිමින් පාරිභෝගික අයිතීන් අහිමි කරමින් යන අයුරු නිදසුන් සහිතව පෙන්වා දෙන කොඩිතුවක්කු මහතා සඳහන් කරන්නේ ඇතැම් අවස්ථාවල අදාළ සමාගම් වල නිෂ්පාදන සම්බන්ධයෙන් ලබාදෙන අධිකරණ නියෝග පවා විකෘති කරමින් මධ්‍ය ඔස්සේ පල කරන අවස්ථා ද දක්නට ඇති බවයි.
Mee Massoo TV සමගින් විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් නීතීඥ නගානන්ද කොඩිතුවක්කු මහතා මෙම කරුණු අනාවරණය කළා.
අදාළ සම්පුර්ණ වැඩසටහන පහළින්..


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට