පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිවීම වළක්වන්නේ ජනාධිපති සහ ආණ්ඩුව එයට සම්බන්ධ නිසා දැයි නැවත ප්‍රශ්න කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම මෙරට සිදුවන බොහෝ දේ පිළිබඳ සත්‍ය හෙළිදරව් නොවන තත්වයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සඳහන් කරනවා.
පාස්කු ප්‍රහාරය සිදුවී මාස 32 ගත වූ ඊයේ (21) දිනයේ මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණා.
ගෑස් සම්බන්ධ පිපිරීම් හේතුවෙන් ද මේ වන විට මරණ කිහිපයක් සිදුව ඇතත් ඒවාට වගකිවයුත්තේ ගෑස් සමාගම් ද නැතිනම් වෙනත් පාර්ශවයක් ද යන්න නොකියා එහිද සත්‍ය වසන් කරමින් තිබෙන බවත්, ඒ අනුව ගෑස් පිපිරීම් හේතුවෙන් පීඩාවට පත්වූ සහ මියගිය අයට ද සාධාරණත්වයක් ඉටුනොවන බවත් සිරිල් ගාමිණී පියතුමන් මෙහිදී සඳහන් කළා.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී වසර දෙක හමාරකටත් වැඩි කාලයක් ගත වී ඇතත් වින්දිතයන්ට සාධාරණයක් ඉටුනොවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ වන විටත් දැනුවත් කර ඇතැයි ද සිරිල් ගාමිණී පියතුමන් මෙහිදී සඳහන් කරන්නට යෙදුණා.
වතිකානයේ යුක්තිය සහ සාමය පිළිබඳ කමිටුව විසින් සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසින් මෙම ප්රශ්නය ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වෙත යොමු කර ඇති බවද සිරිල් ගාමිණී පියතුමන් මෙහිදී සඳහන් කළා.
සත්‍ය වසන් කෙරෙන්නේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මෙම ප්‍රහාරයට සම්බන්ධ නිසාදැයි උන්වහන්සේ මෙහිදී ප්‍රශ්න කිරීමද විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට