Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගැහුවත් ගහනවා : ගහන්න ආවත් ගහනවා : පොහොට්ටුවේ මහලේකම් දැඩි ස්ථාවරයක

ආණ්ඩුවේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන පොදුජන පෙරමුණේ මහලේකම් සාගාර කාරියවසම් මහතා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සාගර කාරියවසම් මහතා පවසා ඇත්තේ තම පක්ෂයේ ප්‍රතිපත්තිය ගැහුවත් ගැසීම සහ ගහන්න ආවත් ගැසීම බවයි.

නීතීඥයෙකු ද වන සාගර කාරියවසම් මහතා පවසන්නේ තම පක්ෂය කිසිසේත් ප්‍රහාර ඉවසීමට සූදානම් නොමැති බවයි.

ජනාධිපතිවරයාගේ ඇඹුල්දෙනියේ පිහිටි නිවස වටකිරීමට පිරිසක් කටයුතු කළ ආකාරයට තම නිවස වැටලීමට ඔවුන් කටයුතු කළේ නම් තත්ත්වය ඊට හාත්පසින් වෙනස් ස්වභාවයක් ගන්නා බවද ඔහු සඳහන් කළා.

යම් කිසි අයෙක් ප්‍රහාරයක් එල්ලකලහොත් අනිවාර්යයෙන්ම ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බවට සැල වුවද ප්‍රහාර එල්ල කරන බවද කාරියවසම් මහතා වැඩිදුරටත් සදහන් කළා.

කුලියාපිටිය හොරොම්බාව විවිධ සේවා සමුපකාර සමිතියේ නිලවරණයේදී පොදුජන පෙරමුණ පරාජයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා කලහකාරී ලෙස හැසිරෙමින් විරුද්ධ පක්ෂයේ ආධාරකරුවන්ට දීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඊට ප්‍රතිචාර දක්වමින් මහලේකම්වරයා මෙම අදහස් පළ කළා.

About The Author