Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගාල්ලේ කොල්ලෙක් බුකියෙන් රජය පෙරලන්න ගිහින් – CID ය වහා මැදිහත් වෙයි

රජය පෙරලිමේ අරමුණින් සමාජ මාධ්‍යජලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමටත් සැම මසක අවසන් ඉරුදින ගාල්ල පොලිසියේ පෙනි සිටින ලෙසටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා  නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ අක්මිමණ තොටගොඩ පදිංචි සුමුදු වෛද්‍යරත්න නමැති 28 හැවිරිදි තරුණයෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මුහුදු බත්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවද රජය විසින් ගෙන්වාගෙන ගිල්ලවා ඇති බවට සැකකරු සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර ඇති බවය.

ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු පලකර තිබේද යනුවෙන් මෙහිදි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසුවිට කියා සිටියේ එවැනි දේ පලකර නොමැති බවය.

මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්ණයකට පිළිතරු දෙමින් ෆේස් බුක් ගිණුම තමාගේ නමින්ම ඇති එකක් බවට සැකකරු පිළිගත්තේය.

© ඩී.ජී.සුගතපාලලංකාදීප

About The Author