Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ග්‍රහයා නීච වෙයි : ඇමති අරුන්දික ඉල්ලා අස්වෙයි

සිද්ධි දෙකක් එකට ඈඳේ

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා තම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව නිවේදනය කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා විසින්ද ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවට මාධ්‍ය වාර්තා පල වී ඇති පසුබිමකයි.

ඔහු සඳහන් කරන්නේ රාගම වෛද්‍ය පීඨයේ සිදුනට පහර දීමේ සිදුවීම පිලිබදව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙමින් එය අවසන් වන තෙක් තමන් මෙසේ ධුරයෙන් ඉවත් වන බවයි.

ඇමති ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා විසින් අරුන්දික ප‍්‍රනාන්දු මහතාට දැනුම් දී තිබුණේ අධිකරණයට කට්ටි පනිමින් සිටි එතනෝල් ව්‍යාපාරිකයෙකුට රැකවරණය සළසමින් ඔහු කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා රට තුළට කැඳවාගෙන ඒමේ සිදුවීමකට අදාළව බවයි පැවසුනේ.

කෙසේ වෙතත් අරුන්දික ප්‍රනාන්දු මහතා පටලැවී ඇති ආසන්නතම සිදුවීම වන රාගම වෛද්‍ය පීඨ සිසුන්ට භාරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ඒ මහතාගේ පුත‍්‍රයා එළැඹෙන 06 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

About The Author