Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගහෙන් වැටුණා ගොනත් ඇනලා – පරිස්සමින්

මේ වන විට කොරෝනා මෙන්ම කාලගුණ තත්වයද ජන ජීවිතයට අභියෝග කිරීමට පටන් ගෙන තිබෙනවා.

ඉන්දියාවට කුණාටුවක්..

වාර්තාවන අන්දමට මේ වන විටත් ඉන්දියාව සුළි කුණාටුවක් ඇතුළු වී තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට මෙහි බලපෑම සිදුව ඇති අතර තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත සඳහා සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීම් රතු නිවේදන ද නිකුත් කර අවසන් බවයි එරට මාධ්‍ය වාර්තාකරන්නේ.

ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩුපීඩන කලාපයේ හටගෙන ඇති කැළඹිලි ස්වභාවය මෙම සුළි කුණාටු සහිත වැසි ඇති වීමට බලපා තිබෙනවා.

ඒ අනුව හෙට (15) සහ (16) අනිද්දා දින දෙක සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණය පිලිබඳ රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

ලංකාවේ තත්වය..

ඉන්දියාව මුහුණ දෙන ගිනිකොණ දිග අරාබි මුහුද ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන කලාපයයේ බලපෑමක් ශ්‍රී ලංකාවට ද ඇතිවන බව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

කෙසේ වුවද ඔවුන් අනාවැකි පළකරන්නේ හෙට දිනය වන විට මෙහි බලපෑම යම් තාක් දුරකට පහව යනු ඇති බවයි.

කෙසේ වුවද එහි බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් අද මධ්‍යහ්නයේ ඔවුන් නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන්.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි.

රත්නපුර,කෑගල්ල ,ගාල්ල, මාතර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවද එම අනාවැකියේ සඳහන්.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි අතර විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැකි බවද දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු පිළිබඳ අවධ්නයෙන් පසුවන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතාවගෙන් ඉල්ලා සිටිනවා.

වාර්තා වන අන්දමට මේ වන විටත් දකුණු පළාතේ ස්ථාන කිහිපයක ගංවතුර තත්වයන් වාර්තා වන අතර ප්‍රදේශ කිහිපයකින් නාය යාමේ සහ පස් කඳු කඩාවැටීමේ සිදු වීම් කිහිපයක්ද වාර්තා වනවා.

About The Author