වසර 18කට පසු ශ්‍රී ලංකා නියෝජනයක් – ලෝක වනජීවී ඡායාරූප ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්
ලෝක වනජිවි ඡායාරූප ශිල්පින්ගේ සිහිනයක් බඳූ වූ BBC wildlife photographer of the year 2021 තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක්වීමට ශ්‍රී ලාංකීක ඡායාරූප ශීල්පිණීයකට හා මෙරට ළාබල ඡායාරෑප ශිල්පියෙකුට මෙවර හැකියාව ලැබි තිබෙනවා.
ඒ බුද්ධිලිනි ඩී සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන දෙදෙනාට යි.
මෙම දෙදෙනාගේ ඡායාරූප හැරෙන්ට මෙම තරගය සඳහා මීට පෙර මෙවැනි ජයග්‍රහණයකට උරැමකම් කියු (2002) එකම ශ්‍රී ලාංකීයා වුයේ රුක්ෂන් ජයවර්ධන මහතා යි.
ඒ මහතාගෙන් පසුව මේ සඳහා මේ ආකාර සුදුසුකමක් ලද දෙවැනි හා තෙවැනි ශ්‍රී ලාංකීකයන්වන්නේ බුද්ධිනී හා ගඟන ය.
බුද්ධිලිනි ඩී සොයිසා මහත්මියගේ ‘A Great Swim’ නමින් පළ කරන ලද ඡායාරෑපය හා ගඟන වික්‍රමසිංහ පුතුගේ ‘Lockdown chicks’ නමින් පළ කරන ලඳ ඡායාරෑපය මෙවර අංශ දෙකක් යටතේ ජුරියේ විශේෂ පැසසුමට ලක්ව තිබෙනවා..
ලොව පුරා අති දක්ෂ ඡායාරෑප ශීල්පින්ගේ ඡායාරෑප 55000ක් අතරින් මෙම ඡායාරූප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ තිබීම විශේෂත්වයක්.
මෙහි ඇති තවත් විශේෂත්වය වන්නේ ගඟන වයස අවුරැදු 10ක කුඩා දරුවෙකු වීම යි.
ගඟන වික්රමසිංග, ලංකාවේ ප්‍රවීන උරග හා උභය ජීවී විද්‍යාඥයෙකුවන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ කනිටු පුත්‍රයා යි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්