ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජලයෙන් යටවි තිබෙන ප්‍රදේශවල පාසල් සහ අවතැන් කඳවුරු පවත්වාගෙන යන පාසල් හැර අනෙක් සියලුම පාසල් හෙට සිට යලි විවෘත කරන ලෙස උපදෙස් දුන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පැවසිය.
පැවති අයහපත් කාල ගුණ තත්වය නිසා ගාල්ල සහ මාතර දිස්තික්කවල සියලුම පාසල් ඊයේ දිනයේත් අද දිනයෙත් වසා තැබිණ.
දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන වාර විභාග පැවැත්විම සම්බන්ධයෙන් අවසන් තිරණයක් පාසල් විවෘත කිරිමෙන් පසු ගන්නා බවද අමාත්‍යංශ ලේකම් වරයා පැවසිය.
මේ වනවිට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඇද හැළුණ ධාරාණිපාත වරෂාවේ අඩුවක් දක්නට ලැබෙන අතර ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටමද අඩු වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසිය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට