තොපිට බණ කියන්න රට බේරුවේ කවුද හු#&% පුතෝ කියා විමසයි : මහා සංඝරත්නයට සහ බුද්ධ දර්ශනයට අමු අමුවේ අපහාස කරයි
එක් රටක් එක් නීතියක් ඇති කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ කටහඬ ට සමාන කටහඬක් ඇති පුද්ගලයෙකු විසින් භික්ෂුන් වහන්සේ නමකට පරුෂ වචනයෙන් අපහාසාත්මකව බැන වදින වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යමින් පවතිනවා.
ඉතා අශෝභන ලෙස බුද්ධ දර්ශනය පවා හෑල්ලුවට ලක් කරමින් අදාළ පුද්ගලයා විසින් මෙම භික්ෂුන් වහන්සේට බැන වදින්නේ දේශපාලන චීවරධාරියා ලෙස යම් පුද්ගලයෙකු හැදින්වීම සම්බන්ධයෙන් බව අහන්නට ලැබෙනවා.
යම් වීඩියෝවක් ඉවත් කරන ලෙසත් එසේ නොකලොත් පොළවේ ගසන බවත් එම පුද්ගලයා පවසනවා.
තමුසේ මහන වුණේ කොහේද? යනුවෙන් විමසන අදාළ පුද්ගලයා පවසන්නේ තොගේ මහ එකාත් සමගම මුණ ගැසීමට තමන් පැමිණෙන බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ හඬපටය පහළින්..
කතෘ සටහන :
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන අදාළ හඬපටය පිළිබඳ අප විසින් කිසිදු වගකීමක් නොදරන අතර සමාජය තුළ දැඩිව කතා බහට ලක්ව ඇති මෙම සිදු වීම වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් සතු අයිතිය අනුව මෙම සිදුවීම වාර්තා කර ඇති බව සළකන්න.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?