Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගම්මන්පිලගෙන් විධායකයට කිස් කන පාරක් – 20 වන සංශෝධනය ජන වරමට පටහැනි බව කියයි

වත්මන් ආණ්ඩුව විසින් ජනාධිපතිවරයාගේ (විධායකයේ) බලතල වර්ධනය කරමින් සම්මත කළ 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 69 ලක්ෂයේ ජනවරමට පටහැනි බව උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ එය ජනවරමට එරෙහිව යාමක් බවයි.

ආණ්ඩුව ජනවරම පිළිගත්තා නම් 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය එලෙසින්ම ඉදිරිපත් වීමට සහ සම්මත වීමට ඉඩ නොතිබූ බව පවසන ගම්මන්පිළ මහතා ආණ්ඩුවේ ගමන නිවැරදි කිරීම සඳහා ආණ්ඩුව තුලම හිඳිමින් දැවැන්ත අරගලයක යෙදී සිටින බව ද සඳහන් කලේ පසුගියදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

එම අරගලය ආණ්ඩුව රැක ගැනීමට මිස ආණ්ඩුව නැති කිරීමට නොවන බවද ඔහු එහිදී සඳහන් කළා.

69 ලක්‍ෂයක ජනවරම රැක ගැනීමටත් ඒ විශ්වාසය ඉදිරියටත් පවත්වාගෙන යාමටත් එම අරගලය දිගටම සිදු කරන බවත් ආණ්ඩුවට ජනවරම පිළිබඳ තැකීමක් තිබුනේ නම් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම සඳහා සංකල්පයක් වත් පහළ විය නොහැකි බව ද පැවසුවා.

About The Author