Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගබ්සාව අත්‍යවශ්‍යම අවස්ථාවලදී නීතිගත කිරීමේ කතිකාවට අධිකරණ ඇමති සූදානම්

ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමා පිළිගන්නේ යැයි  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8)  සඳහන් කළා.

සමූහ දූෂණයට ලක්වී  ගැබ් ගත් අවස්ථාවලදී ගබ්සාව සඳහා   ඇතැම් රටවල් දැනටමත්  නීතිමය අවසරය දී ඇතැයිද  ඔහු පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

සමූහ දූෂණයට ලක්වී ඇති  දැරියන්ට දාව  උපදින   දරුවන් යම් යම් කොන්දේසි වලට යටත්ව ගබ්සා කිරීම සඳහා අවශ්‍ය නීති ගෙන ඒමට කතිකාවතක් ඇති කළ යුතු බව පැවසූ අලි සබ්රි මහතා  මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනා සලකා බැලීමට සූදානම් බවද සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම ප්‍රශ්නය මතු කරමින් මෙහිදී පැවසුවේ  සමූහ දූෂණයට ලක් වන  දැරියන්ට දාව  උපදින දරුවන්( කලලය)  ඉවත්  කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නැති වීම නිසා  ඇතැමුන් සියදිවි හානි කරගත් අවස්ථාද දක්නට ලැබෙන බවයි.

එවැනි අවස්ථාවලදී ගබ්සාව සඳහා නීතිමය ප්‍රතිපාදන සැලසීම වැදගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

© ලංකාදීප

About The Author