හෘද සාක්ෂියට අනුව කතා කරන බවත් කියයි
ගණිකා වෘත්තිය නීතිගත කරනවාට තමන් කැමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරනවා.
මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය තමන් කරන්නේ තම හෘද සාක්ෂිය අනුව බවත් කාන්තාවන් හැටියට ලිංගික වශයෙන් සූරාගෙන කෑමට ලක්වීමට තමන් විරුද්ධ බවත් ඇය වැඩි දුරටත් සඳහන් කරනවා.
ස්වාධීන රූපවාහිනියේ තුලාව වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.
‘මම පෞද්ගලිකව ගණිකා වෘත්තිය නීතිගත කරනවට කැමතියි. හේතුව මේ ලෝකෙ බුදු හාමුදුරුවන්ගේ කාලයේ ඉදන් ගණිකා වෘත්තිය තිබුණා.. ලෝකයේ පැරණිම වෘත්තිය.. මේක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මං කරන්නේ හැබැයි මගේ මේ හෘද සාක්ෂියෙන් මං මේ කතා කරන්නේ..
අද මොකද කරන්නේ… ගනිකාව සූරා කන්නේ නැද්ද කියන්නකො… ත්‍රීවිල් එකේ ඉන්න මනුස්සයා සූරා කනවා.. එහෙම නැත්නම් ඒක කරවන අය තැරැව් කාරයෝ සූරගෙන කනවා…
ඊට වැඩිය මම විශ්වාස කරනවා. තමන්ගේ කැමැත්තෙන් ඇඟ විකුණනවා නම්, මේක නීතිගත කරලා දුන්නම අර අහිංසක ගැහැණු අමාරුවෙ වැටෙන්නෙත් නැහැ හිරගෙවල්වල යන්නෙත් නැහැ.. දරු පවුලක් රැකගෙන ඉඳීවි. මං පැහැදිලිවම විශ්වාස කරනවා සූරා කෑම නතර කරන්න පුළුවන් කියල.
කාන්තාවක් හැටියට කාන්තාවක් ලිංගික වශයෙන් සූරාගෙන කන එකට මම විරුද්ධයි. මේ රටේ ආර්ථිකය හදන්න එම අයිතිවාසිකම් දෙන්න ඕනි කියලා නෙමෙයි මං මේ කියන්නේ.
කාන්තාවක් හැටියට ගමේ ඉන්න අහිංසක ගැහැණිය අසරණ උනහම ඒ ගැහැණිය ගිහිල්ලා විකුණල මිනිහෙක් රුපියල් දහදාහක් අරගෙන ඒ ගැහැණියට දාහක් දෙන එකට මම විරුද්ධයි’
යනුවෙන් ඇය සඳහන් කරනු ලැබුවා.
කෝකිලා ගුණවර්ධන මහත්මිය ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණ (පොහොට්ටුව ) වෙනුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරියක්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට