බලශක්ති කතාව මැදට නාමල් රාජපක්ෂත් පැටලිලා
මන්නාරමේ ඉදිකිරීමට සැලසුම් කර ඇති පුනර්ජනනීය විදුලිබල ශක්තිය ව්‍යාපෘතිය නියමිතව ක්‍රමවේදයන්ට පරිබාහිරව යමින් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දෙන ලෙස ජනාධිපතිවරයා තමන්ට පුද්ගලික උපදෙස් දුන් බවට කෝප් කමිටුවේ දී පසුගියදා මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම් එම් එස් ෆර්ඩිනන්ඩු මහතා ඊයේ (23) නැවත වතාවක් එම කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.
ඒ ඔහු විසින් මුලින් සිදු කළ ප්‍රකාශය කෝප් කමිටුවේදී තමන්ට එල්ල වූ පීඩනය මත සිදුකළ බව පැවසීම හේතුවෙන්.
කෙසේ වෙතත් ඊයේ දිනයේ පැවති කෝප් කමිටු රැස්වීම මාධ්‍යයට වාරණය කර තිබුණා.
අද පැවති මාධ්‍ය හමුවකදී කෝප් කමිටුවේ සාමාජික මගි ජන බලවේගයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහ හිටපු සභාපතිවරයා හෙළි කරන ලද කරුණු සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකළා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා පමණක් නොව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද මෙම සිද්ධියට මැදිහත් වී ඇති බවයි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මෙම ගනුදෙනුවට සම්බන්ධ වී ඇති බවට ඊයේ පැවැති කෝප් කමිටු රැස්වීමේදී කරුණු හෙළි වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.
මාධ්‍යයට වසන් කළ කමිටු රැස්වීම සදුදා දිනයේ මාධ්‍යයට නිකුත් කිරීමට එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පොරොන්දු වූ බව ද එස් එම් මරික්කාර් මහතා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට