ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රුපියල් කෝටි 15 කට ආසන්න වටිනා මත් පෙති 5,70,000 ක් කල්පිටිය විජය නාවික හමුදා නිළධාරීන් විසින් කල්පිටිය ඉරණතිව් දූපතට ආසන්නයේදී අත් අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
අදාල මත්පෙති තොගය ඩිංගි යාත්‍රාවකින් කල්පිටිය ඉරණතිව් දූපත ආසන්නයට රැගෙන එමින් තිබියදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර දී අත්අඩංගුවට ගත් බව කියයි.
ජලය කාන්දු නොවන ලෙස ආරක්ෂිතව පෙට්ටි 10 ක් තුළ අසුරා තිබු බව වැටලීම සිදුකල නාවික හමුදාව පවසයි.
නොරොච්චෝල ප්‍රදේශයෙ පදිංචි සැකකරුවන් දෙදෙනකු මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබුනී.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට