කොළඹ වරාය පාලන අධිකාරිය විසින් ම දිගු කලක් තිස්සේ මුහුණු ආවරණ මිලදී ගැනීම මුවාවෙන් මහා පරිමාණ වංචාවක් සිදුකර ඇති බව පවසමින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.
සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබූ අතර ඔවුන් පෙන්වා දුන්නේ ස්ථර හතරකින් යුත් මුව ආවරණ මිලදී ගැනීම සඳහා එක් මුව ආවරණයකට රුපියල් 40 ක මුදලක් වරාය අධිකාරිය විසින් අදාල සමාගමට ගෙවා ඇති බවයි.
කෙසේ නමුත් එම මුව ආවරණ රු.20 ක මුදලකට අලෙවි වන බව මේ වන විට හෙළිව ඇතැයි පවසන සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා පවසන්නේ පසුගිය මාස හයක කාලය තුළ මෙම මුව ආවරණ හත් ලක්ෂ පනස් දහසක (750 000) ප්‍රමාණයක් වරාය අධිකාරිය විසින් රුපියල් 40 බැගින් මුදලක් ගෙවා මිලදී ගෙන ඇති බවයි.
මේ තුළ සිදුව ඇති බරපතළ වංචාව සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ඔවුන් සිය පැමිණිල්ල මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
දළ වශයෙන් මෙහිදී සිදුව ඇති වංචාව රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධිකයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට