Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ මැදින් යන චීන පාරේ අතින් ගෙවාගෙන හරක් බලන වැඩකට ආණ්ඩුව සෙට් වෙලා ද?

අතුරුගිරිය සහ ඔරුගොඩවත්ත ප්‍රදේශ යා කරමින් කොළඹ නගරය හරහා ඉදිකිරීමට සැලසුම් කර ඇති මාර්ගය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1620 මුදලක්ද ණය වශයෙන් චීනයට පියවා දැමීමට රජයට සිදුව තිබෙනවා.

BOT ගිවිසුමක් හෙවත් ඉදිකිරිම, ක්‍රියාත්මක කිරීම සහ පවරා දීම යන කොන්දේසි මත මෙම මාර්ගය ඉදි කිරීමට එකඟත්වය පලවී තිබු අතර ඒ අනුව වසර 18 ක් ගත වනතුරු මෙම මාර්ගයේ අයිතිය සහ ආදායම චීනය සතුව පවතින බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද සඳහන් කළේ.

ඒ අනුව රජය කිසිදු මුදලක් ඒ සඳහා ආයෝජනය නොකරන බව සහ චීනය විසින් තම වියදමින් වසර තුනක් තුළ එය ඉදි කර තවත් වසර 15 එය තමා සතුව තබාගනිමින් එහි ලාභය උපයා ඉදිකිරීම් සඳහා වන වියදම පියවා ගන්නා බවත් පසුව එම මාර්ගය වසර 18 කට පසු ලංකා රජයට නැවත පවරන බවත් සඳහන් වුණා.

මේ වන විට හෙළිව ඇත්තේ අදාළ මාර්ග ව්‍යාපෘතිය සඳහා වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 108 බැගින් වසර පහළොවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1620 මුදලක් ණය පියවීමක් ලෙස චීනයට ගෙවීමට රජය සුදානම් වන බවයි.

මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම මාර්ගය හරහා වසරකදී ලබාගත හැකි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 34ක් පමණක් බව පුරෝකතනය කර ඇති අතර එම අගය දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාර්ෂික ආදායමට පවා වැඩි අගයක් බවයි හෙළිව ඇත්තේ.

අදාළ මාර්ගය හරහා පුරෝකථනය කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන 34ක වාර්ෂික ලාභය රජය හිමිකර ගන්නා අතරතුර එයට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 74 ක අගයක් එකතු කොට සමස්තය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 108 බැගින් වසර පහළොවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1620 චීනයට ගෙවීමට රජයට සිදුව තිබෙන්නේ.

යහපාලන රජය සමයේ කොළඹ – මාලඹේ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීම සදහා ජපානය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියේ මාර්ග ඉදිකිරීමේ වියදම ඩො.මිලියන 1375 ක් වූ අතර එම වියදම වැඩි බව පවසමින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට වර්තමාන රජය තීරණය කළ අතර වෙනුවෙන් ජපාන රජයට රුපියල් මිලියන ගණනක වන්දි මුදලක් ගෙවීමටද ලංකා රජයට සිදුවුණා.

නමුත් මෙම අධිවේගී ව්‍යාපෘතියේ පිරිවැය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ පිරිවැයට වඩා බොහෝ සෙයින් වැඩි බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මෙම මාර්ග ව්‍යාපෘතිය සදහා වෙනත් සමාගමක් ඇ.ඩො මිලියන 400 ක යෝජනාවක් මින් පෙරදී සිදුකර ඇති නමුත් එම යෝජනාව රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයිද අනාවරණය වනවා.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව හිමි චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම සම්පූර්ණ වරාය නගර ඉදිකිරීම් ව්‍යාපෘතිය සදහාම ආයෝජනය කරන මුදල ඇ.ඩො මිලියන 1400 ක් වන අතර එය මෙතෙක් ලංකාවේ ක්‍රියාත්මක වූ විශාලතම සංවර්ධන ව්‍යාපෘතියයි.

නමුත් මෙම මාර්ග ව්‍යාපෘතියේ වියදම එම ව්‍යාපෘතියේ වටිනාකමද ඉක්මවා ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව මෙම ඔරුගොඩවත්ත – අතුරුගිරිය කි.මී 16.4 ක දිගින් යුක්ත මෙම මාර්ගය ඉදිකිරීම ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුකල විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය බවට පත්වනු ඇති.

About The Author