නීතීඥවරුන්ට කොළඹ නගරයෙන් හිමිවන අනගිතම අවස්ථාවක්
නීති වෘත්තියට අභිමානනීය අගය එක් කිරීමක් සමගින්, කොළඹ නීතීඥ සංගමය සහ Sandal Colombo පුද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි
කොළඹ අගනගර මධ්‍යයේ ඉදිවන SKY ONE සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක සාඩම්බර හිමිකරුවෙකු වන්නට අවස්ථාවක්
නීතීඥවරුන්ට සුවිශේෂ වට්ටමක් සමගින් අද්වීතීය ආයෝජනයක්
කොළඹ ප්‍රධාන පාසල්, රෝහල , නෙළුම් කුළුණ, Port City වාණිජ නගරය, අලුත්කඩේ උසාවි සංකීර්ණය ඇතුළු ස්ථාන රැසකට සමීපව
කොළඹ අගනගරය මධ්‍යයේ ඉදිකෙරෙන SKY ONE සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ සාඩම්බර හිමිකරුවෙකු වන්නට නීතීඥවරුන්ට අනගි අවස්ථාවක් උදාකර දෙමින් කොළඹ නීතීඥ සංගමය සහ Sandal Colombo පුද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා (19) අත්සන් කෙරුණා.
කොළඹ නීතීඥ සංගමය වෙනුවෙන් එහි සභාපති නීතීඥ විජය ගමගේ මහතා එයට අත්සන් තැබූ අතර Sandal Colombo පුද්ගලික සමාගම වෙනුවෙන් එහි සභාපති Fu Zhong Yue මහතා අත්සන් තැබුවා.
අංක 151, මරදාන පාර, කොළඹ 10 යන ස්ථානයේ ඉදිකෙරෙන SKY ONE නිවාස සංකීර්ණයේ සිට කොළඹ නගරයේ මනස්කාන්ත දර්ශන පසු තලයන් රැසක් දැකබලා ගැනීමට ද අවස්ථාව උදාවනවා.
කොළඹ නගරයේ රාජකාරී කරන වෘත්තීයවේදීන් සහ ව්‍යාපාරික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් මෙම SKY ONE නිවාස සංකීර්ණය ඉදිවනවා.
අති නවීන ආරක්ෂක ක්‍රමවේද මෙන්ම පුද්ගලිකත්වයට මුල්තැන දෙමින් ඉදිකෙරෙන මෙම නිවාස සංකීර්ණය තුළ වැදගත් අසල්වැසියන් ඔබට මුණගැස්වීම Sandal Colombo පුද්ගලික සමාගමේ ප්‍රමුඛ අරමුණු අතරින් එකක්.
කොළඹ නීතීඥ සංගමය මෙම කටයුත්ත සමගින් අත්වැල් බැඳ ගන්නේ එම අරමුණ ද පෙරදැරිවයි.
අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලම මෙම නිවාස ව්‍යාපෘතිය පිහිටා තිබීම හේතුවෙන් නීතී වෘත්තිකයන්ට ඇතිවන පහසුව ද, කොළඹ නීතීඥ සංගමය මෙම අනගි අවස්ථාව නීතීඥවරුන් වෙනුවෙන් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වීමට මුලික බලපෑ තවත් හේතුවක්.
අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව නිවසක වටිනාකමට අදාළව සුවිශේෂී වට්ටමක් නීතීඥවරුන්ට ලබා දීම සඳහා Sandal Colombo පුද්ගලික සමාගම එකඟත්වය පළකර තිබෙනවා.
රුපියල් මිලියන 25 සිට ඉහලට මාදිලි කිහිපයකින් සහ කොළඹ නගරයේ මනස්කාන්ත දර්ශන පසුතල කිහිපයක් ඇස ගැටෙන අයුරින් කැමති නිවසක් තෝරා ගැනීමට නීතීඥවරුන්ට මෙහිදී අවස්ථාව හිමිවනවා.
කදිම අනාගත ආයෝජනයක්ද වන මෙම ව්‍යාපෘතිය මහල් 36 කින් යුත් නිවාස 270 වකින් සමන්විතව ඉදිවනවා,
කොළඹ නගරයේ ප්‍රමුඛතම පාසල් රැසක්, රෝහල්, බැංකු, වෙළද සංකීර්ණ ඇතුළු ස්ථාන රැසකට සමීපව පිහිටා ඇති මෙම SKY ONE නිවාස සංකීර්ණය පිහිනුම් තටාක, ළමා ක්‍රීඩා මධ්‍යස්ථාන, ශරීර සුවතා මධ්‍යස්ථාන, පුස්තකාල , උත්සවශාලාව, ගෘහස්ථ ක්‍රීඩාගාර ඇතුළු පහසුකම් රැසකින්ද සමන්විතයි.
නීතීඥවරුන් වෙනුවෙන් මෙහි සම්බන්ධිකරණ කටයුතු නීතීඥ විපුල ජයසිංහ මහතා (+94 714070508 ) විසින් සිදු කරනු ලබනවා.
නිල වෙබ් අඩවිය – http://www.skyone.lk/
© ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය – කොළඹ නීතීඥ සංගමය , Sandal Colombo පුද්ගලික සමාගම
අත නොහැර කියවන තැන
කිරිසප්පයින්ට අහිතකර සබන් විකුණූ සමාගම වරද පිළිගනී – ජනතාවට ප්‍රවේශම් වන්නැයි දැනුම් දීමක්
කොළඹ විශ්වවිද්‍යාලය සම්ප්‍රදායික රාමුවෙන් එළියට පනී – විද්‍යාත්මක පර්යේෂණ වලට අපමණ අගයක් සොයයි
සතොසෙන් සුපර් වැඩක් ..