රට පුරා කෝවිඩ් රෝගීන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බවත් රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
එම දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සඳහන් කළ රෝහණ මහතා මේ අවන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ව්‍යාප්තිය 14% කින් වේගවත් වී ඇති බවද සඳහන් කළා.
මේ බව අනාවරණය වන්නේ අහඹු ලෙස සිදුකරන පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ හරහා බවත් ඔහු සඳහන් කළා.
“ලංකාවේ මේ මොහොතේ තිබෙන තත්ත්වය ඉතාම අවදානම්. බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථාන වගේම ලංකාවේ වෙනත් ප්‍රදේශවලත් කොවිඩ් පොකුරු වර්ධනය වෙමින් ආසාදිතයින් සීඝ්රයෙන් වාර්තා වෙමින් පවතිනවා. මේ සති අන්තයේ ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි අපේක්ෂා කළා යම් තරමක හෝ සංචරණ සීමා පනවයි කියලා. නමුත් එම තත්ත්වයක් මේ වන තුරු පෙනෙන්නට නෑ. මේ ත්ත්වය යටතේ මහජනතාවට 100ට සියක්ම වගකීම පැවරෙනවා ජීවිත සහ සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීමට” යනුවෙන්ද අවධාරණය කළා.
එළඹෙන සතිය වනවිට කෝවිඩ් රෝගීන් වාර්තා වීම විශාල ලෙස ඉහළ ගියහොත් සති දෙකක කාලයක් රට වසා දමන ලෙසට තම සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට යෝජනා කළ බව ද ඔහු හෙළි කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට