ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, ‘මෑන් ඩුවෝස්’ නම් එම සුළි කුණාටුව හෙට (9) වනවිට තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර, උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හා තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.
උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක් කරයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට