සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද පසුගිය දා පවසා තිබුණි.එන්නත් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම නව ඩිජිටල් හැඳුනුම්පත මගින් එක් එක් පුද්ගලයන්ට රජය කොවිඩ් එන්නත නිකුත් කළ දිනය, ස්ථානය, වේලාව සහ එන්නත් වර්ගය මෙන්ම ඊට අදාළ තොරතුරු සහ දෙවැනි මාත්‍රාව ලබාගත යුතු දිනය, ස්ථානය, වේලාව ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු රැසක් නව තාක්ෂණය ඔස්සේ සමීප කරන බව ඔහු සදහන් කර තිබිණි
මීළඟ පරම්පරාවේ අපේක්ෂාව ඩිජිටල්කරණයයි
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කර තිබු නිවේදනයක සදහන්ව තිබුණේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ජනතා කේන්ද්‍රීය ඩිජිටල් ආණ්ඩු ක්‍රමයක් සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු දක්වා ඇති අතර එය පළමු වතාවට ප්‍රායෝගික තලයට ගෙනඑමින් එන්නත්කරණයේ තොරතුරු ඇතුළත් නව ඩිජිටල් හැඳුනුම්පත හරහා තාක්ෂණය හා අන්තර්ජාලය භාවිතයෙන් එන්නත්කරණය සම්බන්ධයෙන් ඇතිවන දුෂ්කරතා මගහැරීමට අපේක්ෂා කරන බවයි.
“ජනතා සේවා කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා මීළඟ පරම්පරාවේ අපේක්ෂාව ඩිජිටල්කරණයයි.” එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව තිබුණි .
බොර දියේ මාළු බෑමක්
විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් හෙවත් E – NIC ගෙන ඒ්මට වත්මන් පාලකයින් දිගුකලක සිට දරන උත්සාහය මේ වසංගතය අස්සේත් අතහැර නැතැයි මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ සඳහන් කළේය. එය බොර දියේ මාළු බෑමක් බව ද ඔහු පෙන්වා දෙයි. පාන්දර පහේ හයේ සිට මහ වැස්සේ පෝලිම්වල හිඳ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගන්නා ජනතාවට දෙවන මාත්‍රාව සිහිකැඳවීමට ඩිජිටල් හැඳුනුම්පතක් කුමකටදැයි ඔහු ප්‍රශ්න කළේය.
ප්‍රංශ විප්ලවයෙන් දිනු අයිතියක්
“ 1789 පංශ විප්ලවයෙන් තහවුරු කළ මානව අයිතියක් තමයි රජයකට පුරවැසියාගේ ජෛවමිතික දත්තවලට අත තියන්න අයිතියක් නැහැ කියන එක. එය උල්ලංගනය කරමින් විද්‍යුත් හැඳුනුපතක් ගේන්න මේ පාලකයින් 2008 විතර ඉඳන් උත්සාහ කරනවා. 2014 දි මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවට මේක අත්හරින්න වූණා. පස්සේ යහපාලන ආණ්ඩුව මේ වෙනුවෙන් වූ සංශෝධන පාර්ලිමේන්තුවේදි සම්මත කරගත්තත් මිනිස්සුන්ගෙ ජෛව තොරතුරු ගන්න ගම්වලට ගියාම ගම් කිහිපයකදිම මිනිස්සු නිලධාරීන් එලවල දැම්මා. ඒ් වැඩෙන් ආයෙ ව්‍යාපෘතිය අසාර්ථක වුණා. ඒ්ත් වත්මන් ජනාධිපතිතුමා උත්සාහය අත්හැරල නැහැ. මේ වසංගතය අස්සේ ඒ් වැඩේ කර ගන්න පුළුවන්ද කියල තමයි මේ බලන්නේ….
දත්ත ආරක්ෂණ පනත සහ සයිබර් ආරක්ෂණ පනත පවා තවමත් පාර්ලිමේන්තුව මගින් අනුමත නොවී ඇති පසුබිමක එන්නත් කරණය සදහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීම නුදුරු අනාගතයේ දී ඇතිවිය හැකි අනතුරකට අත වැනීමක් වියහැකි බැවින් ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට ප්‍රථම ජනතාවගේ දත්ත සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්රතිපත්තීන් සහ වැඩපිළිවෙලක් සම්පාදනය කළ යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ මතයයි.
ඉන්දියාව සෞඛ්‍ය දත්ත ‘සංවේදී පුද්ගලික දත්ත’ ලෙස වර්ගීකරණය කරයි
මේ වන විට එවැනි ඩිජිටල් හැඳනුම්පත් භාවිත කරන රටවල් රෝගීන්ගේ හෝ සෞඛ්‍ය සේවාව ලබාගන්නා පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ දත්ත වල ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කොට ඇත.
ඇමරිකානු පුරවැසියන්ගේ සෞඛ්‍ය දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් Health Insurance Portability and Accountability Act නොහොත් HIPAA යනුවෙන් වූ වගවීම් පනතක් හඳුන්වා දී ඇති අතර යුරෝපා සමූහයේ පොදු දත්ත ආරක්ෂණ රෙගුලාසිය (GDPR) මගින් පුරවැසියන්ගේ සෞඛ්‍ය දත්ත ඇතුළු අනෙකුත් දත්ත සදහා වගවීමක් සිදු කරනු ලැබේ.ඉන්දියාවේ ද සෞඛ්‍ය සත්කාර දත්ත ‘සංවේදී පුද්ගලික දත්ත’ ලෙස වර්ගීකරණය කර ඇත.
එවැනි ආරක්ෂණ විධිවිධාන තිබියදී පවා ඇමරිකාව ඉන්දියාව ප්‍රංශය පින්ලන්තය ඇතුළු රටවල් ගණනාවක් ම විද්‍යුත් හැඳුනුම්පත පිළබඳ අදහස අත්හැර දමනු ලැබුවේ ඒ් වෙනුවෙන් ලබාගැනීමට සිදුවන පුරවැසියාගේ ජෛවමිතික දත්ත ඉල්ලා සිටීම ප්රජාතන්ත්රවාදයේ මූලික සිද්ධාන්තයන්ට පටහැනි බවට වූ සංවාදය හේතුවෙනි.ඉන්දියාවේ පුරවැසියන්ට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට සැලසුම් කළ අවස්ථාවේ, එරට පුරවැසියන්ගේ ජෛවමිතික තොරතුරු එක්කිරීමට එරෙහිව එරට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කර අතර එහිදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවධාරණය කළේ, කිසිදු පුරවැසියකුගේ ජෛවමිතික තොරතුරු එම පුද්ගලයාගේ කැමැත්තෙන් තොරව එකතු කිරීම නොකළ යුතු බවට ය.
මිලිටරි අරමුණු ඇති පාලකයන් අතට ජෛවමිතික දත්ත පත්වීම අනතුරක්
කොරෝනා රෝගය හා සම්බන්ධ පුද්ගලයන් සැම දෙනාගේම දත්ත ඔහුගේ ජංගම දුරකතනයේ ගබඩා කර ඇති බව ආරක්ෂක ලේකම්වරයා මීට ඉහත දී ප්‍රකාශ කර තිබුණි. පුරවැසියන්ගේ සෞඛ්‍ය දත්ත ආරක්ෂක අමාත්‍යාංශයේ එක්රැස්වීම මිලිටරි ආණ්ඩුවල අවශ්‍යතාවක් බව ඊට ප්‍රතිචාර දක්වමින් අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කතෘ ලසන්ත රුහුණගේ ප්‍රකාශ කළේය. රියදුරුබලපත් මුද්‍රණය ආරක්ෂක අංශ වෙත පැවරීමෙන් ද ආරක්ෂක අමාත්‍යාංශය පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත රැස්කර ගැනීමට පියවර තබා ඇති බව ඔහුගේ මතයයි.
“ ඇතැම් දියුණු බටහිර රටවල මෙවැනි තොරතුරු රැස් කිරීමේ ක්‍රම තිබුණත් ඔවුන් එම දත්ත යොදාගන්නෙ පොදු සමාජ යහපත වෙනුවෙන්. එහෙත් මිලිටරි අරමුණු සහිත පාලකයන් අතට එවැනි දත්ත පත්වීම අනතුරක් ”ලසන්ත රුහුණගේ අවධාරණය කළේය.
© Yournews.lk වෙබ් අඩවියේ පළවූ ලිපියක උපුටා ගැනීමකි
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්