Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොවිඩ් නියුමෝනියා තත්වයට පත් රෝගීන් 1000කට වැඩි පිරිසක් රෝහල්වල

කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන් 1000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව අද වන විට ඉතා අවදානම් සහගත තීරණාත්මක අවස්ථාවක පසුවන බව කී වෛද්‍යවරයා මේ අවස්ථාවේදී කොවිඩ් මර්දනය සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග නොගත්තොත් ඉදිරි සති තුනක හතරක කාලය තුළ ඉතා දරුණු ව්‍යසනකාරී තත්වයක් මතු විය හැකි බව ද සඳහන් අවධාරණය කළා.

ඔහු මේ අදහස්වෛ පලකළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නිව්මෝනියාව උත්සන්න වී තිබීම වයස අවුරුදු 60ට වැඩි සහ වෙනත් රෝගාබාධ ඇති රෝගීන් සඳහා අහිතකර ලෙස බලපෑ හැකි බවයි ඔහු පෙන්වාදුන්නේ.

එවැනි අවස්ථාවලදී රෝගියාට ජිවිත අවධානමක් ද ඇතිවන් බව ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

කොරෝනා රෝගය පාලනය කර ගැනීම සඳහා සියලු ජනතාව අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ අවශ්‍යතාවද ඔහු මෙහිදී අවධාරණය කළා.

About The Author