Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොවිඩ් කියා ගෙදර හිටපු නිවාඩු ගත්ත රාජ්‍ය සේවකයින්ට වෙන දේ මෙන්න : චක්‍රලේඛයකින් දැනුම් දෙයි

කොචිඩ් වසංගත සමයේ අනුගමනය කළ සහනදායි වැඩපිළිවෙළ තුළ, රාජ්‍ය නිලධාරීන් ලබා ගන්නා ලද නිවාඩු ගණනය කිරීම සඳහා වන ක්‍රමවේදයක් ඇතුළත් චක්‍රලේඛයක්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මීට අදාළ චක්‍රලේඛය නිකුත් කළ බව, අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසනවා.

ගෝලීය වශයෙන් ව්‍යාප්තව වසංගතයක් බවට පත්වූ කොවිඩ් තත්ත්වය හේතුකොට ගෙන පසුගිය කාලයේ මෙරට ජන ජීවිතය මුළුමනින් ම පාහේ අකර්මණ්‍ය වූ අතර, මෙම තත්ත්වය රාජ්‍ය සේවයට ද දැඩි බලපෑම් එල්ල කකළා.

එහිදී රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවකයින් පමණක් සේවා ස්ථානවලට ගෙන්වීම,සේවා මුර ක්‍රමයට රාජ්‍ය නිලධාරීන් ගෙන්වීම, නිවසේ සිට රාජකාරී කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම, සම්පූර්ණයෙන් ම රාජ්‍ය ආයතන වසා තැබීම මෙන්ම ගර්භණී හා කිරි දෙන මව්වරුන් රාජ්‍ය සේවය සඳහා නොකැඳවීම ආදී ක්‍රමවේදයන් අනුගමනය කෙරුණා.

මේ සඳහා වන චක්‍රලේඛ කලින් කලට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ අතර ඒ අනුව රාජ්‍ය සේවය පවත්ගෙන යාමටයි කටයුතු සිදු කෙරුනේ.

වර්තමානය වනවිට රාජ්‍ය සේවයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා රජය පියවර ගෙන ඇති අතර, රජයේ නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමන්‍ය ක්‍රමවේද යටතේ කටයුතු කරගෙන යමින් පවතිනවා.

නමුත් අතිකාල සහ වැටුප් ගෙවීම් කටයුතු වල දී කොරෝනා සමයේ රාජකාරි සිදු වූ ආකාරය පිළිබඳ යම් යම් පරස්පර තාවයන් මතුවී ඇති බැවින් මෙම චක්‍රලේඛය නිකුත් කිරිමට පියාර ගෙන ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.

About The Author